ඊගල්ස් කැටලිනා ගොල්ෆ් තරඟාවලිය සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් සංවිධාන කරනු ලැබූ ඊගල්ස් කැටලිනා කුසලාන  ගොල්ෆ් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොග්ගල ඊගල්ස් කැටලිනා ගොල්ෆ් පිටියේදී පැවැත්විණි.

මෙම තරගාවලිය සඳහා ගොල්ෆ් ක්‍රීඩකයින් 40 දෙනෙකු සහභාගී වු අතර තරගාවලියේ දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (පිරිමි) එයාර් වයිස් මාර්ෂල් සුරේෂ් ප්‍රනාන්දු සහ දුරම පහරට හිමි කුසලානය (කාන්තා) ප්‍රවීනා දුනුවිල මෙනවිය දිනා ගන්නා  අතර අනුශූරතාවය පිරිමි අංශයෙන් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ (විශ්‍රාමික) සහ කාන්තා අංශයෙන් මනෝරි ජයකොඩි මෙනවිය දිනා ගන්නා ලදි. ශුද්ධ ලකුණු අංශයේ පිරිමි සහ කාන්තා අනුශූරතාව පිළිවෙලින් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ (විශ්‍රාමික) සහ ප්‍රවීනා දුනුවිල මෙනවිය දිනාගත් අතර දළ ලකුණු අංශයේ පිරිමි සහ කාන්තා ජයග්‍රහණ පිළිවෙලින් විංග් කමාන්ඩර් ප්‍රභාත් විජේකෝන් සහ ප්‍රවීනා දුනුවිල මෙනවිය දිනාගන්නා ලදි. අගෝස්තු මාසයේ ඊගල්ස් කැටලිනා මාසික කුසලානය කාන්තා අංශය මනෝරි ජයකොඩි මෙනවිය දිනාගත් අතර පිරිමි කාණ්ඩය එයාර් කොමඩෝර් එරන්දික ගුණවර්ධන දිනා ගන්නා ලදි.

පදක්කම් සඳහා වූ සම්මාන ප්‍රදානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර සම්මාන ප්‍රදානෝත්සව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් සභාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් නිලධාරීන්, ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිලධාරී සහ තරඟකරුවන් ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි