මොරවැව ගුවන් හමුදා කඳවුර සංරක්ෂණ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ජාතික අලි සංගණනයට එක්වෙයි
2024 අගෝස්තු 17 සිට 19 දක්වා ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC) විසින් පවත්වනු ලබන ජාතික අලි සංගණනය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර සක්‍රීයව දායක වී ඇත.

දිවයින පුරා පිහිටි මිනින්දෝරු මධ්‍යස්ථාන 3,100 න් එකක් ලෙස මොරවැව ප්‍රදේශය ආවරණය වන පරිදි වනජීවී සංරක්ෂණ කාර්ය මණ්ඩලය සහ ස්වේච්ඡා සේවකයන් සමඟින් ගුවන් හමුදා සාමාජිකයින් 21 දෙනෙකු  සමීක්ෂණයට සහභාගී විය. 2011 දී සිදු කරන ලද අවසාන සමීක්ෂණයෙදී මුළු අලි ඇතුන් 5,879 ක් වාර්තා කර ඇති අතර, නියමිත ජල වළවල්වල අලි ඇතුන් ගණන් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම සංගණනය සිදි කරන ලදී.

මෙම නවතම සංගණනය තුලින් ශ්‍රී ලංකාවේ අලි ගහනය සංරක්ෂණය කිරීමට සහ රට පුරා වනජීවී කළමනාකරණ පිළිවෙත් වැඩි දියුණු කිරීමට අඛණ්ඩව ගෙන යන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා වැදගත් දත්ත සැපයීම අපේක්ෂා කෙරේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි