ගුවන් අන්තර් ඒකක දැල්පන්දු ශූරතා තරඟාවලියේ ජය ඒකල ගුවන් හමුදා කඳවුරට
ගුවන් හමුදා අන්තර් ඒකක දැල්පන්දු ශූරතා තරඟාවලියේ ජය හිමිකර ගැනීමට ගුවන් හමුදා ඒකල කඳවුර සමත් විය. අවසාන මහා තරඟය ජූලි මස 15 වන දින ගුවන් හමුදා ඒකල හා කොළඹ කඳවුර අතර පැවැත්විණ. මෙහිදී ලකුණු 10ට 07 ලෙස ජය ගැනීමට ඒකල කඳවුර
සමත් විය. ගුවන් කාන්තා වේහැල්ල හා නන්දසිරි පිළිවෙලින් දක්ෂතම විදින්නීය හා ක්‍රීඩිකාව ලෙස පිදුම් ලැබූහ.

පසුව මිශ්‍ර දැල්පන්දු තරඟයක් ලෙස ගුවන් හමුදා කොළඹ හා බණ්ඩාරනායක ගුවන්තොටුපළ කඳවුර අතර තරඟය පැවැත්විණි. මෙම තරඟයෙන් බණ්ඩාරනායක ගුවන්තොටුපළ කඳවුර 9 - 8
ලෙස ජය හිමිකර ගැනීමට සමත් විය.

හිටපු ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපති රෙක්ෂි නානයක්කාර මහතා හා වත්මන් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපති ගම්මන්දෙනිය මහත්මිය මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ. තවද ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ලක්සිරි ගුණවර්ධන ඇතුළු රැසක් සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි