ගුවන් හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා විශ්‍රාමික සාමාඡික සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතයි
8:27pm on Saturday 31st August 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 අගෝස්තු 25 වන දින රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා විශ්‍රාමික සාමාඡික සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී විය. ගුවන් හමුදා විශ්‍රාමික සාමාඡික සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එල්මෝ පෙරේරා (විශ්‍රාමික) ගේ ආරාධනයකට අනුව ගුවන් හමුදාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. මෙම අවස්ථාවට අධ්යක්ෂ ජනරාල් පරිපාලන එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොල මහතා ද සහභාගී විය.
විශ්‍රාමික ගුවන් හමුදා සාමාජිකයින්ට ලබා දෙන සේවාවන් පුළුල් කිරීමට සහ වැඩිදියුණු කිරීමට තමන් උත්සාහ කරන බවත්, මෙම වගකීම රාජකාරියෙන් ඔබ්බට විහිදීමක් ලෙස සලකන බවත් ගුවන් හමුදාධිපතිතුමා සිය දේශනය අතරතුරදී ප්‍රකාශ කළේය. විශ්‍රාමික පුද්ගලයන්ගේ මූල්‍ය සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීමට සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අඛණ්ඩව ගන්නා උත්සාහයන් පිළිබඳව ඔහු අවධාරණය කරන ලදී.
ළඟම ඇති ගුවන් හමුදා කඳවුර හරහා විශ්‍රාමික පුද්ගලයින්ට වෛද්‍ය සහ දන්ත වෛද්‍ය පහසුකම් සදහා ප්‍රවේශ විය හැකි අතර, දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් සංගමය සඳහා අංගසම්පූර්ණ කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ගුවන් හමුදාධිපතිතුමන් විසින් අවධාරනය කරන ලදී.
ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ නව නිවාඩු නිකේතනයක් සංවර්ධනය කිරීම ලබන වසරේ නිම කිරීමට නියමිත බවත්, අනුරාධපුර සහ කතරගම ඇතුළු විශ්‍රාමික සාමාජිකයින් සඳහා දැනට පවතින නිවාඩු නිකේතන පහසුකම් පිළිබඳව ද ගුවන් හමුදාධිපතිතුමන් විසින් අවධානය යොමු කරන ලදී.
විශ්‍රාමික ගුවන් හමුදා සාමාජිකයින්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම අරමුණු කරගත් නව වැඩපිළිවෙළක් පිළිබඳව ඔහු වැඩිදුරටත් විස්තර කළේය. මෙම වැඩසටහන මගින් දැනටමත් හිටපු හමුදා සාමාජිකයින්ගේ දරුවන් දෙදෙනෙකු දන්ත වෛද්‍ය උපාධි පාඨමාලාවක් හදාරනු දැක ඇති බවත්, මාසික වැටුප් මගින් මූල්‍යමය ආධාර සපයන බවද සිය දේශනයේදී අවධාරනය කරන ලද අතර ඔවුන්ගේ අධ්‍යාපනය අවසන් වූ පසු වෘත්තීය අනාගතය සුරක්ෂිත කරමින් ගුවන් හමුදාවේ නිලධාරීන් ලෙස පත් කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කරන ලදී.
නාරාහේන්පිට ගුවන් හමුදා රෝහලේ ඉදිවෙමින් පවතින අතර, එය අවසන් වූ පසු, විශ්‍රාමික සාමාජිකයින්ට ප්‍රතිකාර පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත්, ගුවන් හමුදාවේ විශ්‍රාමික සාමාජිකයින්ට ලබා ගත හැකි රැකවරණය සහ සහයෝගය තවදුරටත් ලබා දීමට කටයුතු කරන බවද ගුවන් හමුදාධිපතිතුමන් අවසාන වශයෙන් අවධාරනය කරන ලදී .
මෙම අවස්ථාවෙහිදී විශ්‍රාමික ගුවන් හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකුට ඔවුන්ගේ විශිෂ්ඨ සේවය සහ චිරස්ථායී දායකත්වය අගයමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් පිරිනමන ගෞරවනීය ජීවිත කාලීන සාමාජිකත්ව සහතික පිරිනමන ලදී.