‘AERO BASH 2024’ අධ්‍යාපනික, තාක්ෂණික සහ වෙළඳ ප්‍රදර්ශනය අති සාර්ථකව අවසන් වේ
10:50am on Tuesday 17th September 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී ඉතා සාර්ථක  ලෙස සංවිධානය කර දින පහක් තුළ පවත්වන ලද 'AERO BASH 2024' අධ්‍යාපනික, තාක්ෂණික සහ වෙළඳ ප්‍රදර්ශනය  2024 අගෝස්තු 26 වන දින ඉතා සාර්ථක ලෙස  අවසන් කරන ලදී. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ තරුණ පරම්පරාවට නව දැනුම් සම්භාරයක් ඒක් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පවත්වනු ලැබූ මෙම තාක්ෂණික සහ වෙළඳ ප්‍රදර්ශනයට  සහභාගි වූ සියලුම දෙනාගේ දැනුම හා විනෝදය බෙදා ගැනීම සඳහා මහත් පිටුවහලක් විය.

දින පහක් පුරාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පැරෂුට් පැනීමේ සංදර්ශන, ගිනි නිවීමේ සංදර්ශන, මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) ආදර්ශන, සුනඛ සංදර්ශන,  පෙලපාලි සංදර්ශන, සංගීත ප්‍රසංග ඇතුළු සංදර්ශන දහස් සංඛ්‍යාත සහභාගිවන්නන් හට දැක බලා ගැනීමට හැකිවිය . 'AERO BASH 2024' අධ්‍යාපනික, තාක්ෂණික සහ වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක දිනයේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ත්‍රාසජනක වින්දනයට කැමති පුද්ගලයන් හට (Tandem Jumps)හි ත්‍රාසය අත්විඳිය හැකි වූ අතර, සහභාගිවන්නන්හට අමතක නොවන මතකයන් සහ අත්දැකීම් සමඟින් සම්පූර්ණ සංදර්ශනයන් අවසන් විය.

'AERO BASH 2024' අධ්‍යාපනික, තාක්ෂණික සහ වෙළඳ ප්‍රදර්ශනය අවසන් දිනයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශ්‍රාමික ගුවන් හමුදාපතිවරයකු වන එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති, අධ්‍යක්ෂ ජනරාල් පරිපාලන අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොළ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි