රත්මලාන ගුවන් හමුදා කඳවුරේ "ලිට්ල් වොන්ඩර්ස්" පෙරපාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ මුල්ගල තැබීමේ උත්සවය
11:43am on Tuesday 17th September 2024
ගුවන් හමුදා රත්මලාන කඳවුරේ "ලිට්ල් වොන්ඩර්ස්" පෙරපාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම 2024 අගෝස්තු 30 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය, ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීතප්‍රිය, අධ්‍යක්ෂ ජනරාල් සුබසාධන, එයාර් වයිස් මාර්ෂල් සුරේෂ් ප්‍රනාන්දු, ගුවන් හමුදා රත්මලාන කඳවුරු කඳවුරු අණදෙන නිලධාරී. එයාර් කොමදෝරු අසේල ජයසේකර සහ පෙරපාසලේ ප්‍රධාන ගුරුතුමිය වන ඉනෝකා මධුරානි මහත්මිය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මුල්ගල තැබීමේ චාරිත්‍රය සිදුකරන ලදී.

1998 දී විවෘත කරන ලද දැනට පවතින පෙර පාසල ප්‍රතිසංස්කරණය කර නවීන දෙමහල් ගොඩනැගිල්ලක් බවට වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, ශ්‍රවණාගාරයක්, ක්‍රියාකාරකම් කාමරයක්, කාර්ය මණ්ඩල, කාර්යාල කාමර සහ උපයෝගිතා කාමරයකින් සමන්විත වේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට නිල වශයෙන් භාරදීම සංකේතවත් කරමින් යෝජිත ගොඩනැගිල්ලේ ත්‍රිමාණ ආකෘතියක් ගුවන් හමුදාධිපතිතුමා විසින් සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වෙත පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ මුල් ළමාවිය අධ්‍යාපන යටිතල පහසුකම් වැඩිදියුණු කරනු ඇති අතර, ගුවන් හමුදා සාමාජිකයින්ගේ දරුවන්ට වැඩි දියුණු කළ ප්‍රතිලාභ ලබා දීම මෙන්ම යහපත් පරිසරයක් නිර්මාණය කිරිම මෙම නව මුලපිරීම අරමුණ වේ.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි