ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවබෝධතා ගිවිසුම අත්සන් කරයි
11:47am on Tuesday 17th September 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය  අතර අවබෝධතා ගිවිසුමක්   2024 සැප්තැම්බර් 02 වන දින  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි ප්‍රධාන කාර්යාලයේදී අත්සන් කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී විය.

දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා සේවා පහසුකම් වැඩිදියුණු කරමින් සුවිශේෂී සංචාරක අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ උසම ගම්මානය ලෙස පිළිගැනෙන නුවරඑළිය “ශාන්තිපුර වීව් පොයින්ට් ” හි පහසුකම් සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම මෙම ගිවිසුමේ අරමුණයි.

මෙම ව්‍යාපෘතිය සදහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින්  මුල්‍ය දායකත්වය  සපයන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව  යන්ත්‍රෝපකරණ සමඟ පුහුණු ශ්‍රම දායකත්වය ලබා දෙනු ලැබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ව්‍යාපෘති කළමනාකරණය සහ ඉදිකිරීම් පිළිබඳ සියලු අංශ අධීක්‍ෂණය කරනු ඇති අතර, මාස හතරක කාල සීමාවකදී ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කර ඇත. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදාවේ ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීතප්‍රිය විසින් කළමනාකරණය සහ අධීක්ෂණය කරනු ලබන අතර, පිදුරුතලාගල කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර විසින් ව්‍යාපෘතියේ ප්‍රගතිය අධීක්ෂණය කරනු ලැබේ.

මෙම අවස්ථාවට ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීතප්‍රිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් බී.එච්.ආර් සරිෆෝ ඩීන් මහතා ඇතුළු සම්භාවනීය පුද්ගලයන් රැසක් සහභාගි වූහ. මීට අමතරව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ  නිලධාරීන් පිරිසක්  ද මෙම උත්සවයට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි