මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරන ලද නව සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය ගුවන් හමුදාව නිල වශයෙන් භාර දෙනු ලබයි.
5:03pm on Tuesday 17th September 2024
මහරගම අපේක්ෂා රෝහලේ මහල් හතරකින් යුත් ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීමත් සමඟ සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම්වල දියුණුවක් අත්කර ගෙන ඇත. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘හුස්ම’ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද අතර, මෙම ව්‍යාපෘතිය සදහා රුහුණු මහා කතරගම දේවාලය විසින් දළ වශයෙන් රු.මිලියන 150 ක පමණ මුදලක් වැයකර ඇත. එය වසරකට අඩු කාලයකදී නිම කරන ලද අතර එය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ගුවන් හමුදා සාමාජිකයින්ගේ දායකත්වය සහ කැපවීම මත සිදුවිය.

මුලදී තෙමහල් සංකීර්ණයක් ලෙස සැලසුම් කර තිබූ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් විසින් ලබා දුන් ස්වේච්ඡා ශ්‍රමය සහ විශේෂඥ දැනුම හේතුවෙන් මහල් හතරක් දක්වා ඉදිකිරීම සිදු විය. අලුතින් ඉදිකරන ලද වාට්ටු සංකීර්ණය, රෝගීන් 70 කට වැඩි පිරිසකට ප්‍රතිකාර කල හැකි අතර, මානසික සුවය සඳහා නිර්මාණය කර  ඇති ළමා උද්‍යානයක් සහ නවීන පහසුකම්වලින් සමන්විත ශල්‍යාගාරයක්ද වේ.

මෙයට අමතරව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලද අතර එමඟින් රෝහලේ සමස්ත යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලදී. ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීතප්‍රිය මහතාගේ අධීක්‍ෂණය යටතේ වෘත්තීය සුදුසුකම් ලත් ගුවන් හමුදා භටයින් 75 දෙනෙකුගෙන් සහ දක්ෂ ශ්‍රමිකයන් 100 දෙනෙකුගෙන් යුත් කැපවූ කණ්ඩායමක් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

ගුවන් හමුදාධිපති වෙනුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය නිල වශයෙන් භාරදීමේ කටයුතු ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා විසින් සිදු කරන ලදී. මෙම උත්සවයේ ආරාධිතයින් ලෙස  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල, අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර, ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ, ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීතප්‍රිය ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි