ගුවන් හමුදා කටුනායක කඳවුර 73 වැනි සංවත්සරය සමරයි
5:36pm on Tuesday 17th September 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර එහි 73 වන සංවත්සරය 2024 සැප්තැම්බර් 01 වන දින සමරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එස්ඩිජිඑම් සිල්වා නිලධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලද කඳවුරේ සියලුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගිත්වයෙන් පවත්වන ලද සම්ප්‍රදායික වැඩ පෙළපාලියකින් සැමරුම් උත්සවය ආරම්භ විය.
සංවත්සර උත්සවයට සමගාමීව 2024 අගෝස්තු 21 වන දින කඳවුරේ සෑම අංශයක්ම නියෝජනය කරමින් සාමාජිකයින් 125 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන්, ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලද අතර එදිනම අක්ෂි සායනයක් ද පවත්වන ලදී. මෙමගින් පුද්ගලයන් 122 දෙනෙකුට පමණ සෙත සැලසුණි.
සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ඇති කිරීම සහ ප්‍රජා යහපැවැත්ම පෝෂණය කිරීමේ අරමුණ ඇතිව 2024 අගෝස්තු 27 සහ 28 යන දිනවල කුරණ අශෝකාරාම විහාරස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කුරණ දුම්රිය ස්ථානය සහ කටුනායක මහා විද්‍යාලය ඇතුළු ප්‍රධාන ස්ථාන කිහිපයක ශ්‍රමදාන වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.
මීට අමතරව, කඳවුරේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ සහභාගිත්වයෙන් සුහදතාවය වර්ධනය කිරීම සඳහා ක්‍රිකට් සහ නෙට්බෝල් තරඟ සංවිධානය කරන ලදී. ක්‍රීඩා දෙකෙහිම අවසන් තරඟ 2024 සැප්තැම්බර් 02 වන දින සවස පැවැත් වූ අතර එය විචිත්‍රවත් ටොම්බෝලා රාත්‍රියකින් අවසන් විය.