ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අලුතින් ඉදිකරන ලද හොකී සහ පාපන්දු මණ්ඩපය ගුවන් හමුදාපතිතුමන් විසින් විවෘත කරන ලදි
හොකී සහ පාපන්දු ක්‍රීඩාංගන 2018 දී නිම කළද, මණ්ඩපයක් නොමැතිව ක්‍රීඩා සංකීර්ණය අසම්පූර්ණව පැවති අතර. 2024 මැයි මස 19 වන දින මෙම මණ්ඩපය සඳහා මුල්ගල තබන ලදි. මාස දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකිරීම් සාර්ථකව නිම කරන ලද අතර සියම් සිටි සිමෙන්ති සමාගමේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරී චන්දන නානායක්කාර මහතාගේ සම්බන්ධීකරණයෙන් සියම් සිටි සිමෙන්ති සමාගම ද ව්‍යාපෘතිය සඳහා ද්‍රව්‍ය දායකත්වය ලබා දුන්නේය.
ගුවන් හමුදා හොකී කණ්ඩායම සහ වෙළඳ සේවා හොකී සංගමය නියෝජනය කරන කණ්ඩායමක් අතර පැවති සුහද හොකී තරගයෙන් සමාරම්භක උත්සවය වර්ණවත් විය. සමාරම්භක අවස්ථාව අගයමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් කණ්ඩායම් සාමාජිකයින් වෙත විශේෂ සමරු සංකේත ප්‍රදානය කරන ලදී. ගුවන් හමුදා හොකී කණ්ඩායම ගෝල 4 ක් ලබා ගනිමින් ජයග්‍රහනය හිමිකර ගන්නා ලදි.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ක්‍රීඩා අධ්‍යක්ෂ, ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී, ගුවන් හමුදා පාපන්දු සහ හොකී සංචිතයන්හි සාමාජිකයින්, සම්භාවනීය අමුත්තන්, නිලධාරීන් සහ සෙසු නිළයින් පිරිසක් සහභාගී විය.