ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විධායක ප්‍රධාන බළලත් නිලධාරි නව තනතුරේ රාජකාරි අරභයි
5:54pm on Tuesday 17th September 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විධායක ප්‍රධාන බළලත් නිලධාරි (CMWO) ලෙස ප්‍රධාන බළලත් නිලධාරි ජී වික්‍රමසේකර මහතා 2024 සැප්තැම්බර් 06 දින ගුවන් හමුදා මූලස්ථානයේදී නව තනතුරේ රාජකාරි භාර ගන්නා ලදී. ගුවන් හමුදාධිපතිතුමන් විසින් එදින පෙරවරුවේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේ දී ප්‍රධාන බළලත් නිලධාරි ජී වික්‍රමසේකර හට පත්වීම් ලිපිය භාර දෙන ලදී.
නික්ම යන ගුවන් හමුදා විධායක ප්‍රධාන බළලත් නිලධාරි ඩබ්ලිව්.එම්.එස්.ආර්.ජයසිංහ විසින් විධායක ප්‍රධාන බළලත් නිලධාරි ලෙස පත්වීම ප්‍රධාන බළලත් නිලධාරි වික්‍රමසේකර වෙත භාරදෙන ලදී. ප්‍රධාන බළලත් නිලධාරි ජයසිංහ මහතා ගුවන් හමුදාවේ සිය සේවා කාලය තුළදී මෙන්ම ගුවන් හමුදාවේ විධායක ප්‍රධාන බළලත් නිලධාරි වශයෙන් ද කළ අගනා සහ කැපවූ සේවය ගුවන් හමුදාධිපතිතුමන් විසින් අගය කරන ලද අතර එම අගනා සේවය වෙනුවෙන් ඇගයීම් සංකේතයක් ලෙස ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඇගයීම් ලිපියක් සහ සමරු තිළිණයක් ද පිරිනමන ලදී.
ප්‍රධාන බළලත් නිලධාරි වික්‍රමසේකර 2003 ජූලි 14 දින සැපයුම් සහකාර වෘත්තීකයකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සම්බන්ධ විය. ගුවන් හමුදාවේ විධායක ප්‍රධාන බළලත් නිලධාරි ලෙස පත්වීමට පෙර ඔහු ගුවන් හමුදා කටුනායක කඳවුරේ සැපයුම් හා නඩත්තු අංශ භාර සිටින ප්‍රධාන බළලත් නිලධාරි තනතුරේ සේවය කළේය.
විධායක ප්‍රධාන බළලත් නිලධාරි පත්වීම 2017 ජූලි මාසයේදී පිහිටුවන ලදී. විධායක ප්‍රධාන බළලත් නිලධාරි තනතුර ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨතම අධිකාරී නොලත් නිලය වන අතර අධිකාරී නොලත් නිළයන් සදහා සෘජුවම ගුවන් හමුදාධිපතිතුමන් නියෝඡනය කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙසු නිලයින් සහ විධායක නොවන සිවිල් සේවකයින්ගේ සාමාන්‍ය පරිපාලනය සහ සුභසාධනය සම්බන්ධ සියලුම අංශවල සමස්ත වගකීම ඔහු වෙත පැවරී ඇත.