7 වන ඉන්දු-පැසිෆික් ආරක්ෂාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පැසිෆික් ගුවන් හමුදාව (SLAF-PACAF)අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් නිලධාරින්ගේ සහ පැසිෆික් ගුවන් නිලධාරින්ගේ කාර්ය මණ්ඩලයේ සාකච්ඡාව
12:15am on Wednesday 18th September 2024
7 වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පැසිෆික් ගුවන් හමුදාව (PACAF) අතර  ගුවන් භටයාගෙන් ගුවන් භටයෙකුට මාණ්ඩලික සාකච්ඡා (A2AST) 2024 සැප්තැම්බර් 10 සිට 12 දක්වා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරින් පිරිස ගුවන් හමුදා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් මෙහෙයවන ලද අතර, PACAF ගුවන් හමුදා නිලධාරින් පිරිස උපාය මාර්ග, සැලසුම්, වැඩසටහන් සහ අවශ්‍යතා අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් ජෙනරාල් බ්‍රයන් එස්. ලේඩ්ලෝ විසින් මෙහෙයවන ලදී. 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් PACAF නියෝජනය කරන අතර, අනෙකුත් නිලධාරීන් සමග 120 වන එයාර් ලිෆ්ට් වින්ග් හි නියෝජ්‍ය අණදෙන නිලධාරියා සහ මොන්ටානා එයාර් ජාතික ආරක්ෂක බලකායේ 120 වන නඩත්තු කණ්ඩායමේ අණදෙන නිලධාරියා ඇතුළුව. ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරින් පිරිසට අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු, අධ්‍යක්ෂ ජනරාල් ලොජිස්ටික්ස් සහ එක් එක් අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරින් ඇතුළත් විය.

A2AST SLAF සහ PACAF සඳහා අන්‍යෝන්‍ය අවශ්‍යතා සාකච්ඡා කිරීමට සහ ඉන්දු-පැසිෆික් කලාපයේ කලාපීය ගැටළු විසඳීමට වේදිකාවක් ලෙස කටයුතු කරයි. ඉන්දු-පැසිෆික් කාර්ය මණ්ඩලය සමඟ සහයෝගීතාවයෙන් විශේෂඥ විෂය කරුණු හුවමාරු සහ මානුෂීය ආධාර අභ්‍යාස කෙරෙහි අවධාරණය කරමින්, අනාගතයේ සිදුකරණ උපාය මාර්ගික සංවර්ධනය කිරීම කෙරෙහි මෙම සාකච්ඡා අවධානය යොමු විය. මෙම සාකච්ඡා ගුවන් හමුදා දෙක අතර සබඳතාව වර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම, හවුල් අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී නව ක්‍රමවේදයන් සහ පෙළගැස්ම සහතික කිරීම සඳහා වැදගත් වේ.

දෙරටේම නිලධාරින් කලාපීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම, පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීම පිළිබඳව අවධාරණය කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් එදිරිසිංහ මහතා PACAF හි අඛණ්ඩ සහයෝගය සඳහා සිය කෘතඥතාව පළ කළ අතර, විශේෂයෙන්ම සමුද්‍රීය කලාප පිලිබද දැනුවත් කිරීම, මානුෂීය සහය සහ ආපදා සහන (HADR) සහ සයිබර් ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය කළේය.

බ්‍රිගේඩියර් ජෙනරල් ලයිඩ්ලෝ, දෙරට අතර හවුල්කාරිත්වය තහවුරැ කිරීම සහ ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා එවැනි සංවාදවල වැදගත්කම අවධාරණය කළේය.

සාකච්ඡාවලින් අනතුරුව, PACAF නියෝජිත පිරිස (2024 සැප්තැම්බර් 12) කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 2 බලඝණය සහ ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංගයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔවුන් මෙහි කාර්යක්ෂම මෙහෙයුම් හැකියාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගත්හ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි