13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය.
12:16am on Wednesday 18th September 2024
ත්‍රිවිධ හමුදාවන් ක්‍රීඩාශීලීව ක්‍රීඩා කරන 13 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් (2024 සැප්තැම්බර් 12) පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය.

මෙම වසරේ, ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සත්කාරකත්වය සපයනු ලබන අතර එය නිල වශයෙන් 2024 සැප්තැම්බර් 25 වන දින ආරම්භ වන අතර එය ඊළඟ වසරේ ඔක්තෝබර් දක්වා පැවැත්වේ. ක්‍රීඩා ඉසව් 39ක් සඳහා යුධ, නාවික සහ ගුවන් හමුදා නියෝජනය කරමින් පිරිමි අංශය යටතේ ක්‍රීඩා ඉසව් 38ක් සහ කාන්තා අංශය යටතේ ක්‍රීඩා ඉසව් 29ක් සදහා 4000කට අධික ක්‍රීඩික සහ ක්‍රීඩිකාවන් තරග වදියි.

මෙම ක්‍රීඩා වල ප්‍රධානතම අරමුණ වන්නේ ත්‍රිවිධ හමුදාවන් අතර සහෘදත්වය ප්‍රවර්ධනය කිරීමයි. එය ත්‍රිවිධ හමුදාව අතර මිත්‍රත්වයේ සහ සංහිඳියාවේ බැඳීම් ශක්තිමත් කිරීමටත්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහ  ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ නියෝජනය කිරීමට සහ නවක දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට සහය වන අතර ඒ සමගම පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා වැඩි දියුණු කිරීමට ද අවස්ථාවක් සැලසේ.

සමාරම්භක උත්සවය සඳහා ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ උප සභාපති සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඇතුළු ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි