ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය
1:04pm on Saturday 21st September 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් (2024 සැප්තැම්බර් 13) ගුවන් හමුදා පාලවි කඳවුරේ වාර්ෂික පරීක්ෂාව සිදු කරන ලදී. කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් පී.එස්. ඇලෙක්සැන්ඩර් විසින් ගුවන් හමුදාධිපතිතුමන් නිල වශයෙන් පිළිගන්නා ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් හට ගෞරව සම්මාන මුරයක් සිදුකල අතර කඳවුරට සහ ගුවන් හමුදාවට සුවිශේෂී දායකත්වය දැක්වූ පහත සදහන් සේවා පුද්ගලයින් අගයමින් ඔවුන් වෙත ගුවන් හමුදාධිපති ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

බලලත් නිලධාරී ජේ.ඒ.එන්.ප්‍රේමසිරි (Provost)
බලපංති සැරයන් උදයංග එම්.ආර් (ජල වැඩ කාර්මික I)

සහතික ප්‍රදානයෙන් අනතුරුව, ගුවන් හමුදාධිපතිතුමන් විසින් අලුතින් ඉදිකරන ලද ගුවන් භට/ගුවන් කාන්තා සංක්‍රමණ බ්ලොක්(Transit Block) සහ ප්‍රභූ කාමරය ඇතුළුව විවිධ නව ව්‍යාපෘති නිරීක්ෂණය කරමින් කදවුරු සංචාරයක නිරත වූ අතර ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් භට/ගුවන් කාන්තා සංක්‍රමණ බ්ලොක් එක නිල වශයෙන් විවෘත කරන ලදී.

තවද, ගුවන් හමුදාධිපතිතුමන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා ප්‍රතිසංස්කරණ පක්‍ෂාංගයේ ගුවන් යානා කොටස් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විද්‍යුත් ආලේපන ක්‍රියාවලියට සහාය වීම සඳහා ස්ථාපිත කර ඇති මතුපිට පිරිපහදු මධ්‍යස්ථානය (STP) වෙත ගොස් නිරීක්‍ෂණය කරන ලදී. STP නිෂ්පාදන ක්‍රියාවලි හයකින් සමන්විත වන අතර විවිධ විද්‍යුත් ආලේපන ක්‍රම දහඅටක් ඇතුළත් වේ. දැනට සේවා ස්ථානයේ සිටින ගුවන් හමුදා සාමාජිකයින් සඳහා පුහුණුව ලබා දෙන චීන කාර්ය මණ්ඩලයක් ද ගුවන් හමුදාධිපතිතුමන් සමඟ සාකච්ඡාවක නිරත විය.

අවසාන වශයෙන්, ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයකදී බලාපොරොත්තු වන පරිසාධන මට්ටමට කදවුර සකස් කිරීම සඳහා අණදෙන නිලධාරීතුමන් සහ සෙසු නිලයන් කරන ලද කැපවීම පිළිබඳව ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක් කරන ලදී අතර සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම පුද්ගලයින්  කැපවීම ද අගය කළේය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි