දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
1:07pm on Saturday 21st September 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් (2024 සැප්තැම්බර් 16) දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.
අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එච්.ටී.එච් ධර්මදාස විසින් අණදෙන ලද ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්ෂා කරන ලදී.ගුවන් හමුදා සැරයන් ප්‍රියන්ත ආර්ඩීඑන් (මෙහෙයුම් භූමි I) වෙත ඔහු විශේෂයෙන් පාසලට සහ පොදුවේ ගුවන් හමුදාවට කළ විශිෂ්ට දායකත්වය අගයමින් ගුවන් හමුදාධිපති ප්‍රසංශා සහතික ලබා දෙන ලදී.
ගුවන් හමුදාධිපතිතුමන් විසින් උපදේශකයින් සහ පුහුණුවන්නන් වෙත විශේෂ දේශනයක් පවත්වන ලද අතර, සේවා විශිෂ්ඨත්වය සඳහා ඔවුන්ගේ කාර්යභාරයේ වැදගත්කම අවධාරණය කරන ලදී.
ගුවන් හමුදා පුහුණු අරමුණුවලට අනුකූලව පුහුණුවීම් පැවැත්වීමේදී උසස් ප්රමිතීන් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත්, පුහුණු පක්ෂාංගය ඉහළ තලයකට නංවාලීමේ හා ව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවද ගුවන් හමුදාධිපතිතුමන් අවධාරණය කළේය.
පරීක්ෂාවෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් පාසලේ සියලුම නිලයන් ඇමතීය. දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ඓතිහාසික වටිනාකම සහ අනාගත ගුවන් හමුදාවේ උන්නතිය උදෙසා ඒවා සුරැකීම සඳහා එහි ඓතිහාසික වටිනාකම සඳහන් කළ අතර, එම පාසල සුවිශේෂී ලෙස උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යාමට ඔවුන්ගේ නොසැලෙන සහ නොපසුබස්නා උත්සාහය පිළිබඳව සියලු දෙනාටම සිය බලවත් කෘතඥතාව පළ කළේය.