ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගය 15 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්සාංගය සිය 15 වන සංවත්සරය 2024 සැප්තැම්බර් 20 වන දින සමරනු ලැබීය. 2009 සැප්තැම්බර් 20 වැනි දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී මෙම පක්‍ෂාංගය පිහිටුවන ලද අතර එතැන් සිට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් ආරක්‍ෂක ජාලය තුළ රේඩාර් පද්ධති සඳහා ප්‍රධාන නඩත්තු පක්ෂාංගය බවට පත් විය.
සංවත්සර දින සැමරුම සම්ප්‍රදායික දින වැඩ පෙළපාලියක් පක්ෂාංග පරිශ්‍රයේදී ආරම්භ කරන ලද අතර පසුගිය වසර 15 තුළ ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියට සහය දැක්වීම සඳහා රේඩාර් නඩත්තු අංශය ඉටු කර ඇති වැදගත් කාර්යභාරය පක්ෂාංග අණදෙන නිළධාරීතුමන් විසින් අවධාරණය කළේය. රේඩාර් අමතර උපාංග හිඟය සහ රේඩාර් හොදම තත්වයේ උපකරණ නිෂ්පාදකයින්ගේ සීමාවන් වැනි අභියෝගවලට මුහුණ දෙමින් රේඩාර් තාක්‍ෂණයේ පර්යේෂණ හා සංවර්ධනය වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් විස්තර කළේය.
සංවත්සර දින සැමරුමට සමගාමීව පක්ෂාංගයේ සියළුම සාමාඡිකයිනගේ සහභාගීත්වයෙන් මිනුවන්ගොඩ, උන්නාරුව, ‘මහෝසු’ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ දානමය වැඩසටහනක් පවත්වන ලදී. රේඩාර් නඩත්තු අංශයේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ජීඑච්එස්ඩී අමරබන්දු, නිලධාරීන් සහ සියලුම පක්ෂාංග කාර්ය මණ්ඩලය සමඟ මෙම අවස්ථාවට සහභාගී විය.