ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි පැවති ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ගුවන් හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්
8:47pm on Saturday 5th October 2024
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ 17 වැනි සංස්කරණය 2024 සැප්තැම්බර් 26 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙම සැසිවාරය 'තාක්ෂණික විප්ලවය සහ ආරක්ෂාව' යන තේමාව යටතේ තාක්ෂණික ප්‍රගතිය සහ ආරක්ෂාව අතර ඇති සංකීර්ණ සබඳතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂඥයින් පිරිසක් එක්රැස් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හි උපකුලපති, රියර් අද්මිරාල් දම්මික කුමාර, හිටපු උපකුලපති, මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, රාජ්‍ය තාන්ත්‍රික බළකායේ සාමාජිකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

තාක්‍ෂණික නවෝත්පාදනයේ සීඝ්‍ර වේගය අඛණ්ඩව ආරක්‍ෂක ආදර්ශයන් ප්‍රතිනිර්මාණය කරන නවීන යුගයේ ඇති වැදගත්කම මෙන්ම තාක්‍ෂණය සහ ආරක්‍ෂාව අතර සම්බන්ධය ඓතිහාසික වශයෙන් තර්කානුකූල නමුත් ගැඹුරින් බැඳී ඇති අතර, යුධ තාක්‍ෂණයේ දියුණුව ගෝලීය ආරක්‍ෂක ගතිකත්වයට නිරන්තරයෙන් බලපෑම් කරන බවද ගුවන් හමුදාපතිතුමන් විසින් අවධාරණය කළේය.  .

මෙම සැසිය තුළ සම්භාවනීය කථිකයන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් එක් එක් තේමාවන් යටතේ කරුණු විශ්ලේෂණය කළහ. නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ආචාර්ය ස්වරන් සිං පළමු කථිකයා ලෙස කටයුතු ආරම්භ කළේය. තාක්‍ෂණික විප්ලවය සහ ආරක්‍ෂාව කෙරෙහි එහි බලපෑම සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉදිරිදර්ශනය පිළිබඳ කරුණු ආචාර්ය සිං මහතා විසින් සිය අවබෝධය බෙදා ගන්නා ලදි.

පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපායමාර්ගික අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය,පකිස්තාන ගුවන් හමුදාවේ හිටපු ප්‍රහාරක ගුවන් නියමුවෙකු වන ආචාර්ය ගුලාම් මුජාඩිඩ් විසින් නැගී එන තාක්‍ෂණ සන්දර්භය තුළ පකිස්තානයේ උපායමාර්ගික භූ දර්ශනය සහ ජාතික ආරක්ෂාව කෙරෙහි ඒවායේ බලපෑම පිළිබඳව සාකච්ඡා කළේය.

තවද, මැලේසියාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අසීසි බින් මිස්කොන් විසින් කෘත්‍රිම බුද්ධිය (AI) සහ ජෛව කෘතිම අවයවවල කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරමින් යුද්ධයේ අනාගතය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සමගින් කුරුනු ඉදිරිපත් කල අතර විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ සහ ආරක්ෂක තාක්ෂණයන්හි ඒවායේ විභව යෙදුම් අනාගත සොල්දාදුවන්ට එවැනි දියුණුවක් ලබා ගත හැකි ආකාරය පිළිබඳ සිත් ඇදගන්නාසුළු අවබෝධයක් ලබා දුන්නේය.

සිව්වන කථිකයා ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක, මේජර් ජෙනරාල් ඩී.ජී.එස් සෙනරත් යාපා විසින්  ආරක්ෂක පරිසරය පිළිබඳ සිය ඉදිරිදර්ශනය ඉදිරිපත් කළ අතර. තාක්‍ෂණික වර්ධනයන් සමග ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බෙහි ආරක්‍ෂක භූ දර්ශනය ප්‍රතිනිර්මාණය කරන ආකාරය මේජර් ජෙනරාල් යාපා අවධාරණය කළේය.

අවසාන වශයෙන්, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී සිරි බ්ඡූන් මහත්මිය සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත්භාවය ශක්තිමත් කිරීමේ තාක්ෂණයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය

අවසානයේදී, සභාපතිවරයා විද්වත් කමිටුවේ සාමාජිකයින්ට ඔවුන්ගේ අගනා දායකත්වය සඳහා ස්තූතිය පුද කළ අතර, පූර්ණ රැස්වීමේදී බෙදාගත් තීක්ෂ්ණ බුද්ධිය තාක්‍ෂණය සහ ආරක්ෂාව අතර ඇති සංකීර්ණ සම්බන්ධතාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දී ඇති බව සඳහන් කළේය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි