ගුවන් හමුදා විශ්‍රාමික සාමාඡිකයින්ට උපකාර කිරීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේ සත්කාරක නිවාසය ඉදිකිරිම සඳහා මුල්ගල තබන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් හමුදා සත්කාරක නිවාසය සඳහා මුල්ගල් තැබීම 2024 සැප්තැම්බර් 30 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කරන ලදි.

තම තාරුණ්‍යය ජාතියට පරිත්‍යාග කළ බැවින් තම ජීවිතයේ අවසාන භාගය නිසි සැලකිල්ලෙන් සහ සුවපහසුවෙන් ගුවන් හමුදා පරිසරයක ගත කිරීමට කැමති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික සාමාඡිකයින්හට නවාතැන් ගැනීම සඳහා ගුවන් හමුදා සත්කාරක නිවාස ස්ථාපිත කර ඇත. මෙම ඉදිකිරීම් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගොළුවපොකුණ ප්‍රදේශයේ පිහිටා ඇති අතර ව්‍යාපෘතිය ඉදිකිරීම් අදියර තුනක් යටතේ නිමිකිරීමට අපේක්ෂා කරයි.

නවාතැන් පහසුකම්, විනෝදාස්වාද පහසුකම් සහ අනෙකුත් මූලික උපයෝගිතා සහිත කාර්යාල පහසුකම් සහිත සම්පූර්ණ කාමර 24ක් සමන්විත ගොඩනැගිලි ඉදිකිරීමට නියමිත අතර පළමු අදියර යටතේ කාමර 12ක්ද ඉතිරි කාමර 12 පළමු  දෙවන අදියර යටතේද ඉදිකිරීමට නියමිතය. දෙවන අදියරේදී අවශ්‍යතාවය තක්සේරු කර සුඛෝපභෝගී කාමර පහසුකම් සහිත දැනට පවතින ගොඩනැගිල්ලේ දිගුවක් ලෙස සුඛෝපභෝගී මට්ටමේ කාමර ඉදිකිරිමට නියමිතව ඇත. තෙවන අදියරේදී අවශ්‍යතාවය තක්සේරු කර පිහිනුම් තටාකයක් සහ එළිමහන් විනෝදාස්වාද සඳහා පහසුකම් ලබාදිමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා, මදර් කෙයාර් පදනමේ සභාපති වෛද්‍ය තර්මලිංගම් තරේසානන්, රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ. හිටපු හමුදා නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත එයාර් වයිස් මාර්ෂල් එල්මෝ පෙරේරා (විශ්‍රාමික), ගෘහ නිර්මාණ ශිල්පී සුරංග තිත්තවැල්ල මහතා සහ නිළධාරීන්, සෙසු නිළයින් පිරිසක් එක්ව සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි