‘සෙනෙහස’ ලෝක ළමා දින සැමරුම් 2024
9:08pm on Saturday 5th October 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ අනුදැනුම මත 2024 ලෝක ළමා දින සැමරුම් උත්සවයට සමගාමීව සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයේ (SERRIC) ළමුන් සඳහා විශේෂ උත්සවයක් 2024 සැප්තැම්බර් 30 වන දින රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.

‘සෙනෙහස’ අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය යනු විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අවශ්‍යතා, සිහින සහ අපේක්ෂාවන් සඳහා රැකවරණය සහ සහාය දැක්වීමේ මූලික අරමුණ ඇතිව ආරක්‍ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය යටතේ පිහිටුවා ඇති ළමා සුරැකුම් ආයතනයකි. මෙම ආයතනය ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු දරුවන් සහ සිවිල් සේවකයින් සඳහා දිවා කාලයේ විශේෂ රැකවරණය සපයයි.

එබැවින් මෙම දරුවන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දීමේ අරමුණින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම විශේෂ ළමා දින වැඩසටහන විනෝදාස්වාද අංග කිහිපයක් යටතේ සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ෙඉනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය. සැමරුම් උත්සවයේදි ඉදිරිපත් කරනු ලැබු ගුවන් සුනඛ සංදර්ශනයක් මෙන්ම කැලිප්සෝ තූර්ය වාදක සංදර්ශනය මෙම දරුවන්ගේ විශේෂ අවධානය දිනාගන්නා ලදී.

මෙම අවස්ථාවට සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රෝහණ මාදුගොඩ, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩොර් අසේල ජයසේකර, රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් දයාන් සුමනසේකර, ආචාර්ය මණ්ඩලය, මෙම දරුවන්ගේ දෙමාපියන් මෙන්ම සේවා වනිතා කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි