රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල අංක-09 හෙලිබෝර්න් මෙහෙයුම් පුහුණු මොඩියුලය අභ්‍යාසය සාර්ථකව අවසන්වේ.
12:09am on Friday 18th October 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රෙජිමේන්තු විශේෂ බළකායේ (RSF) ප්‍රමුඛතම අංගයක් වන ඕනෑම ආකාරයක භූමි ප්‍රදේශයක  සෙවීම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුම් සිදුකිරීම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහ සේවා සම්බන්ධීකරණය, ගුවන් අනතුරකදී විපතට පත් ගුවන් නියමුවන්, ගුවන් කාර්ය මණ්ඩලය සහ සිවිල් වැසියන් බේරාගැනීම හා ඉවත් කිරීම සඳහාත්, ගොඩබිම සහ මුහුදේ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා ප්‍රභූ බලකා භටයින් පුහුණු කිරීම සඳහා විදේශීය සහ අත්හදා බැලීම් සඳහා හෙලි-බෝන් ක්‍රියා ආශ්‍රිතව හා ඕනෑම ආකාරයක ස්වභාවික හෝ මිනිසා විසින් සාදන ලද ව්‍යවසනයන්ට මුහුනදීම සදහා පුහුණු අභ්‍යාස රාශියක් මොරවැව ගුවන් හමුදා කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල (RSFTS) මගින් පවත්වන ලදී.


රෙජිමේන්තු විශේෂ බලකාය විසින් පවත්වන ලද අභ්‍යාසය අතර Heliborne Operation Training Module, Abseiling, Rappelling, Fast Rope, STABO, Heli Marshaling සහ විශේෂ ගලවාගැනීමේ පුහුණු ක්‍රම වලින් සමන්විත වූ අතර එම අභ්‍යාස තුළම ගුවන් යානා පුහුණු අභ්‍යාස පැවැත්වීමට  අවස්ථාවක් සලසා ඇත. එම පුහුණු අභ්‍යාසවලට ජීපීඑස් හැසිරවීම හා සිතියම් කියවීම සහ ඕනෑම භූමියක පීඩාවට පත් පුද්ගලයින් ඕනෑම තත්වයක් සමඟ සොයා ගැනීම සඳහා ජීපීඑස් පාගමන් ඇතුළත් වේ. ගුවන්යානා පුහුණු අභ්‍යාස අතර ඉක්මනින් ලගාවීම, රැප්පල් කිරීම, කඹ ගැලවීම, ඇතුළු කිරීම යන අභ්‍යාසය භාවිතයෙන් STABO සහ CASEVAC මෙහෙයුම ඇතුළත් වූ අතර, එය ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවුරේදී පවත්වන ලදී.


සාමාන්‍ය රාජකාරි නියමු (GDP) ශාඛාව නියෝජනය කරන සැම්බියානු ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු, මාලදිවයිනේ විශේෂ බලකා නිලධාරියෙකු, විශේෂ බලකා භටයින් හතර දෙනෙකු, ශ්‍රී ලංකා යුධ හමුදා කමාන්ඩෝභටයින් තිදෙනෙකු, ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් තිදෙනෙකු, ශ්‍රී ලංකා යුධ හමුදා එයාර් මොබයිල් දෙදෙනෙකු ඇතුළුව පුහුණුවන්නන් 31 දෙනෙකු ඇතුළත් වේ.  ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය අට දෙනෙකු සහ රෙජිමේන්තු විශේෂ බලකා සාමාජිකයින් අට දෙනෙකු පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී. තවද, රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල මේ දක්වා විදේශීය අභ්‍යාසලාභීන් 43 කට වැඩි පිරිසකට පුහුණුව ලබා දී ඇත.

අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම්, එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් භූමි එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පුහුණු, එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු නිලධාරිතුමන්ගේ මගපෙන්වීම සහ සෘජු අධීක්‍ෂණය යටතේ පුහුණු වැඩසටහන මෙහෙය වූ අතර රෙජිමේන්තු විශේෂ බලකා පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර මහතාගේ අධීක්‍ෂණය යටතේ සම්පූර්ණ පුහුණු අභ්‍යාස පැවැත්විණි.  

සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් 30 වන දින මොරවැව ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලද අතර, සාර්ථකව පුහුණුව අවසන් කළ අභ්‍යාසලාභීන් සඳහා සහතිකපත් ප්‍රදානය කෙරිණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය  නිලධාරිතුමන් සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි