ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් ඒකල ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ දී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2024 ඔක්තෝබර් 03 දින සිදු කරන ලදී.
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී, දැනට ගුවන් හමුදා වෘත්තීය පුහුණු අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කරන එයාර් කොමදෝරු උදිත පියසේන නිළධාරීතුමන් විසින් අණදෙන ලද පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්ෂා කරන ලදී. පොදුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දුන් දායකත්වය අගයමින් පෙළපාලියේදී ගුවන් හමුදාධිපති ප්‍රශංසා සහතිකය ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී ගුවන් සැරයන් ප්‍රවින්ද ඩබ්ලිව්.එල්.(ආහාර සැපයුම් සහකාර) යනඅය හට ලබාදෙන ලදී.
ගුවන් හමුදාධිපතිතුමන් විසින් පාසලේ භටනිවස්න ඇතුළුව වෘත්තීය පුහුණු පාසලේ සියලුම ප්‍රදේශ නිරීක්ෂණය කරන ලදී. පරීක්‍ෂණයෙන් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් පුහුණුවන්නන් සහ සිවිල් සේවකමහතුන් ඇතුළු සියලුම නිලයන් ඇමතීය. ඔහුගේ දේශනයේදී ගුවන් හමුදා කඳවුරේ ඓතිහාසික පසුබිම ගැන සඳහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනාගතය සඳහා වෘත්තීයමය වශයෙන් නිපුණතා ඇති වෘත්තීකයන් බිහිකිරීමේ දී ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් ඉටු කරන ලද ප්‍රධාන කාර්යභාරය ඔහු අවධාරණය කළේය. ගුවන් හමුදාවට අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව පාසල සූදානම් කිරීමට ඔවුන් දැක්වූ කැපවීම අගය කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් අණදෙන නිළධාරිතුමන් ඇතුලු සෙසු නිලයන් ඇගයීමට ලක් කරන ලදී.