
ගුවන් හමුදාධිපතිතුමන් ජනපති හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 ඔක්තෝබර් 04 වනදින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක අතිගරු අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය පළමු නිල හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.
සුහද සාකච්ඡාවලින් අනතුරුව, මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

