ආරක්ෂක අමාත්‍යාංශයේ නව ආරක්ෂක ලේකම්වරයා ගුවන් හමුදා මූලස්ථානයට පැමිණෙයි
12:18am on Friday 18th October 2024
එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත්වීමෙන් අනතුරුව 2024 ඔක්තෝම්බර් 07 දින ගුවන් හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරය සිදු කරන ලදී. ඔහු පැමිණීමත් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ලේකම්වරයා වෙත සම්මාන මුරයක් පිරිනමන ලදී. ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමදෝරු රුවන් චන්දිම මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා උණුසුම්ව පිළිගන්නා ලදී.
අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් ගුවන් හමුදා මූලස්ථානයේදී ලේකම්වරයා සුහදව පිළිගනිමින් ගුවන් හමුදා කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයින් වෙත ඔහුව හඳුන්වා දෙන ලදී. අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ගුවන් හමුදාධිපතිතුමන්ගේ කාර්යාලය වෙත කැඳවාගෙන යන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව සිහිපත් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ගුවන් හමුදාපතිවරයා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු විය.
ලේකම්වරයා විසින් විවිධ අධ්යක්ෂ මණ්ඩලවල සංචාරයක නිරත වූ අතර, එහිදී ගුවන් මෙහෙයුම් අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර විසින් ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.
ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා කිසිදු සීමාවකින් තොරව සුබසාධන පහසුකම් රජය අඛණ්ඩව ලබා දෙන බව ඔහු සිය කතාවේදී තහවුරු කළේය. ජාතියේ අභිවෘද්ධිය සඳහා තම උපරිම ශක්තියෙන් සියලු සේවා සාමාජිකයන් කටයුතු කිරීමේ වැදගත්කම ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. සිය දේශනයෙන් අනතුරුව නිළධාරීන් සහ ගුවන් භටයින් සමඟ සුහද කතාබහක නිරත වීමෙන් පසුව සංචාරය අවසන් විය.