ගුවන් හමුදාපතිතුමන් පාලවි කඳවුරේ වාර්ෂික පරීක්ෂනය සිදුකරයි
ගුවන් හමුදාපතිතුමන් පාලවි කඳවුරේ වාර්ෂික පරීක්ෂනය සිදුකරයිගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ගුවන් හමුදා පාලවි කඳවුරේ වාර්ෂික පරීක්ෂණය පසුගිය ජූලි මස 22 වනදා සිදු කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරි ගුවන් විංග් කමාණ්ඩර් කීර්ති වන්නිගම  මහතා ගුවන් හමුදාපතිතුමන් පිළිගන්නා ලදි. මෙහිදි ගුවන් හමුදාපතිතුමාට ආචාර මුර පිළිගැන්වීමක්ද සිදු විය. ආචාර මුර පෙළපාලියේ අණදෙන්නා ලෙස බළඝණ නායක ඩබ්ලිව්. ඒ.ඊ.ඊ. සමරනායක කටයුතු කරන ලදී.

ගුවන් හමුදාපති සියලු නිළයන්ගේ දිවා භෝජන සංග්‍රාහයකටද සහභාගි විය. එසේම ගුවන් හමුදාපතිතුමන් විසින් කඳවුරේ සියලුම නිළධාරීන්, සෙසු නිළයන් අමතා විශේෂ කථාවක්දපැවැත්විය.

අවසාන වශයෙන් ගුවන් හමුදාව වෙනුවෙන් කළ යහපත් සේවාව අගයමින් ගුවන් හමුදාපතිතුමා
විසින් තිදෙනෙකුට ගුවන් හමුදාපති සම්මාන පිරි නැමීමක්ද සිදු කරන ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි