ගුවන් හමුදාධිපතිතුමන් විසින් පලාලි ගුවන් හමුදා කඳවුරේ අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද නිවාඩු නිකේතන විවෘත කරන ලදී.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 ඔක්තෝම්බර් 11 දින ගුවන් හමුදා පලාලි කදවුරේ නවීකරණය කරන ලද බලලත් නිලධාරීන්ගේ සහ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන්ගේ නිවාඩු නිකේතනය මෙන්ම ගුවන් භට සහ ගුවන් කාන්තා නිවාඩු නිකේතනය විවෘත කරන ලදී. පලාලි ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු කාර්ය මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර  මාස දෙකක කාලයක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කරන ලදී.

මෙම උත්සවය සඳහා අධ්‍යක්ෂ ජනරාල් සුභසාධක එයාර් වයිස් මාර්ෂල් තුෂාර සිරිමාන්න, එයාර් කොමදෝරු බුද්ධික පියසිරි, ගෲප් කපිතාන් චමින්ද හේරත්, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ආනන්ද කුමාරසිරි යන නිලධාරිවරුන් ඇතුළු සෙසු නිලයන් සහභාගි වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි