ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මයිලිඩ්ඩි උතුරු කලයිමගල් මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ඉදිකරීම් නිමකර විද්‍යාලයට නව ජීවයක් ගෙන දෙයි.
10:52pm on Sunday 27th October 2024
කන්කසන්තුරේ මයිලිඩ්ඩි උතුර කලෙයිමගල් මහා විද්‍යාලයේ දීර්ඝකාලීන සිහිනයක් වූ එහි අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රධාන ශාලාව උත්සවාකාරයෙන් විවෘත කිරීම 2024 ඔක්තෝම්බර් 11 දින සිදුවිය. පාසලේ අධ්‍යාපනික සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා අත්‍යාවශ්‍යයය වූ මෙම ප්‍රධාන ශාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සර ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල කොටසක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැපවීමෙන් සිදුකරන ලදී.

1818 දී ආරම්භ කරන ලද මෙම පාසල පොහොසත් ඉතිහාසයක් ඇති නමුත් ගැටුම් හේතුවෙන් 1990 දී අධි ආරක්ෂිත කලාපයට පවරා ගැනීම ඇතුළු සැලකිය යුතු අභියෝගවලට මුහුණ දුන්නේය. 2018 දී නැවත ආරම්භ කිරීමෙන් පසු පාසල අලුත්වැඩියාවන් අපේක්ෂා කළ අතර ප්‍රධාන ශාලාව ඉදිකිරීම එහි වඩාත්ම හදිසි අවශ්‍යතාවයන්ගෙන් එකකි. විද්‍යාලයට නව ජීවයක් ගෙන දෙමින් සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ එහි මෙහෙවරට සහය වෙමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ව්‍යාපෘතිය ප්‍රමුඛතාවයක් ලෙස භාර ගන්නා ලදී.

උත්සවාකාරයෙන් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී විය. මයිලිඩ්ඩි උතුරු කලෙයිමගල් මහා විද්‍යාලය ඇතුළු උතුරු පළාත පුරා පිහිටි පාසල් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව පොත් පරිත්‍යාග කරන ලද ‘මගෙන් පොතක් උතුරට’ සාක්ෂරතා ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ පිහිටි පාසල් සඳහා පොත් කට්ටල පරිත්‍යාගයක් ද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජනරාල් සුබසාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් තුෂාර සිරිමාන්න, උතුරු පළාත් අධ්‍යාපන ලේකම් පැට්‍රික් ඩිරන්ජන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කන්දියා බ්‍රැට්ලි ජෙනාට්, පලාලි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආනන්ද කුමාරසිරි, ගෲප් කැප්ටන් තුෂාර බණ්ඩාර, ගෲප් කැප්ටන් චමින්ද හේරත්,  යන  නිලධාරිවරුන් හා උතුරු පළාතේ අධ්‍යාපන අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාසල් විදුහල්පතිනි තමිල්සෙල්වි ෂන්මුගනාදන් මහත්මිය ඇතුලු ගුරුවරුන් සහ සිසුන් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි