චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 15 වැනි සංවත්සරය සමරයි
10:37pm on Tuesday 29th October 2024
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 15 වැනි සංවත්සරය 2024 ඔක්තෝබර් 15 දින සමරනු ලැබීය. ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ අනිවාර්ය අංගයක් ලෙස අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය (ADRS) පිහිටුවන ලදී. එය 2009 ඔක්තෝම්බර් 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කදවුරේදී පූර්ණ ක්‍රියාකාරී බලඝණයක් ලෙස ආරම්භ කරන ලදී. පසුව ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීම සඳහා බලඝණය 2012 මැයි 05 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය වෙත ගෙන යන ලදී.

මෙම සංවත්සර සමරුම් අවස්ථාව සනිටුහන් කරමින් සම්ප්‍රදායික සේවා පෙළපාලිය බලඝණ පරිශ්‍රයේ දී පවත්වන ලදී. එය අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඒඒඑස්ඒ ගුණරත්න විසින් සිදු කරන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව ලංකාපටුන රජමහා විහාරස්ථානයේ සහ දිමුතුගම සමුද්‍රාසන්න විහාරස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාර පැවැත්විණි. මෙම උත්සවය මතක් වීම සදහා චීන වරායේ ‘රේවත’ ළමා නිවාසයේ ළමුන් සඳහා ළමා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර රාත්‍රී භෝජන සංග්‍රහය ද ඔවුන් වෙත ලබා දෙන ලදී. ත්‍රිකුණාමලය ලේ බැංකුවට සහය දැක්වීම සඳහා අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ සාමාජිකයින් විසින් විද්‍යාපීඨය තුළ ලේ දන්දීමේ ව්‍යාපාරයක් ද සංවිධානය කරන ලදී. ලේ දන්දීමේ වැඩසටහන සඳහා රුධිර පරිත්‍යාගශීලීන් 75 කට අධික පිරිසක් සහභාගී වූහ.

මීට අමතරව, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වැඩබලන අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එච්පීඒඑස් හේවාවසම් නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රේඩාර් කඳුකරයේ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. සංවත්සර සැමරුම බළඝණ වොලිබෝල් පිටියේ දී සියලු දෙනා අතර සුහද වොලිබෝල් තරඟාවලියකින් අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි