තන්නිවූත්තු ප්‍රදේශයෙන් 'මැගසින්' තොගයක් සොයා ගනී
මුලතීව් ගුවන් හමුදා කඳවුරේ රෙජිමේන්තු කණ්ඩායම් තන්නිවූත්තු ප්‍රදේශයේ පසුගිය ජූලි 23 වන දින කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී ටී.56 ගිනි අවියට යොදා ගන්නා 'මැගසින්' 29ක් සොයා ගන්නා ලදී.

ගුවන් හමුදා බුද්ධි අංශ සමාජිකයින් විසින් හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ සමාජිකයෙකුගෙන් ලබා ගත් තොරතුරකට අනුව මෙම සොයා ගැනීම සිදු කරන ලදී. සොයා ගන්නා ලද 'මැගසින්' තොගය ශ්‍රී ලංකා යුධ හමුදාවට භාර දෙන ලදී.  





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි