ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ නව ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 245 දෙනෙකු සඳහා විසිර යාමේ උත්සවය
අංක 173 නිත්‍ය ගුවන් භට, අංක 43 නිත්‍ය ගුවන් කාන්තාවන්, අංක 135 ස්වේච්ඡා ගුවන් භටයින් සහ අංක 17 ස්වේච්ඡා ගුවන් කාන්තා බඳවා ගැනීමේ පාඨමාලා විසිර යාමේ පෙළපාලිය 2024 ඔක්තෝම්බර් 18 වන දින ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුරේෂ් ප්‍රනාන්දු මහතා සහභාගී වූ අතර අධ්‍යක්ෂ ජනරාල් පුහුණු, එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා, වැඩබලන සේනාවිධායක, ගෲප් කැප්ටන් අසේල කුරුවිට, කඳවුරු අණදෙන නිළධාරීන්, අණදෙන නිලධාරීන්, සහෝදර හමුදා සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම පෙළපාලිය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගොඩබිම් ආරක්ෂක පුහුණු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් නිරෝෂ සේනාධීර විසින් මෙහෙයවන ලදී.
මෙම සුවිශේෂී දිනයේදී තරුණ ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 245 දෙනෙක් ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී සිය පුහුණුව සාර්ථකව අවසන් කළහ. ප්‍රධාන ආරාධිත අමුත්තා පෙළපාලිය අතරතුර ප්‍රබෝධමත් දේශනයක් පැවැත්වූ අතර, මූලික ගොඩබිම් ආරක්ෂක සටන් පුහුණුව සාර්ථකව නිම කිරීම පිළිබඳව හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය.
අංක.173 නිත්‍ය ගුවන් භටයින්, අංක 135 ස්වේච්ඡා ගුවන් භටයින් බඳවා ගැනීමේ පාඨමාලා චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ හි සම්මානලාභීන්
සෑම අතින්ම දක්ෂතම ගුවන් භටයා
ගුවන් භට රාජපක්ෂ
සරඹ අංශයේ දක්ෂතම ගුවන් භටයා
ගුවන් භට රාජපක්ෂ
දක්ෂතම වෙඩික්කරු
ගුවන් භට මධුරංග
දක්ෂතම ශිෂ්‍යයා
ගුවන් භට පෙරේරා
අංක. 43 නිත්‍ය ගුවන් කාන්තාවන්, අංක 17 ස්වේච්ඡා ගුවන් කාන්තාවන් බඳවා ගැනීමේ පාඨමාලා චීන වරාය ගුවන් හමුදා ඇකඩමියෙ හි සම්මානලාභීන්
සෑම අතින්ම දක්ෂතම ගුවන් කාන්තාව සහ සරඹ අංශයේ දක්ෂතම ගුවන් කාන්තාව
ගුවන් කාන්තාව කුමාරසිංහ
හොඳම වෙඩික්කරු
ගුවන් කාන්තා බණ්ඩාර