කොග්ගල ගුවන් හමුදා කඳවුර 40 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුර 2024 ඔක්තෝබර් 19 වන දින සිය 40 වන සංවත්සරය සමරන ලදී. සැමරුම් දිනට සමගාමීව හබරාදූව ශ්‍රී ගුණදර්ශනාරාම විහාරස්ථානයේ සහ මාර්ටින් වික්‍රමසිංහ ප්‍රාථමික විද්‍යාලයේ ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කරන ලදී.

පරිසර සංරක්ෂණය සඳහා වන කැපවීමට දායක වෙමින් අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රියදර්ශන හෙට්ටිආරච්චි නිළධාරීතුමන්ගේ මඟපෙන්වීම යටතේ රුක් රෝපණ වැඩසටහනක් ද සංවිධානය කරන ලදී. වෙරළ ඛාදනය අවම කිරීමේ අරමුණින් මුහුදු ඉදිරිපස නිවාඩු නිකේතන ප්‍රදේශයේ වෙරළ තීරයේ ගස් සිටුවන ලදී. කොග්ගල ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහ සියලුම නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි