ශ්‍රී ලංකා ගුවන් හමුදාපති හා පකිස්ථානු ගුවන් හමුදාපති අතර නිල හමුවක්
11:11pm on Tuesday 29th October 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා, පාකිස්ථාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් සහීර් අහමඩ් බාබර් සිදු මහතාගේ නිල ආරාධනාවකට අනුව කලාපයේ පැවැත්වෙන එක් වැදගත් යුද්ධ අභ්‍යාසයක් වන Indus Shield-2024 නිරීක්ෂණය කිරීම සදහා සහභාගී විය. Indus Shield-2024 යනු කලාපීය ගුවන් හමුදාපතිවරුන් හා ජේෂ්ඨ හමුදා නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන, පාකිස්ථාන ගුවන් හමුදාවේ උසස් බහුකාර්ය යුධ මෙහෙයුම් හැකියාවන් (Multi Domain war fighting Capabilities) ප්‍රදර්ශනය කෙරෙන, කලාපයේ මෙන්ම කලාපයෙන් පිට ගුවන් හමුදාවන්ගේ සහයෝගීතාවයේ වැදගත්කම ප්‍රදර්ශනය කෙරෙන යුද්ධ අභ්‍යාස මාලාවකි.
මෙහිදී දෙරටේ ගුවන් හමුදාපතිවරුන් අතර නිල සාකච්ඡාවක් 2024 ඔක්තෝම්බර් මස 25 වන දින ඉස්ලාමාබාත්, පාකිස්ථාන ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වූ අතර එහිදී මූලික වශයෙන් කලාපීය ආරක්ෂාව හා මෙහෙයුම් සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කරන ලදි.
මෙහිදී පාකිස්ථාන ගුවන් හමුදාපතිවරයා අනාගත යුධ මෙහෙයුම් වලට (Future Warfare) අනුගත වීම සදහා වර්ථමානයේ සිදුවෙමින් පවතින නවෝත්පාදන නවීකරණයන් පිලිබද ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා දැනුවත් කල අතර දෙරටේ ගුවන් හමුදාවන් අතර තිබෙන ද්වීපාර්ශවික සබදතාවය තව දුරටත් ශක්තිමත් කරමින් පුහුණුව නඩත්තු කිරීම් හා හැකියාවන් වර්ධනය කිරීම යන ක්ෂේත්‍ර වලට අවධානය දිය යුතු බව පෙන්වා දෙන ලදි. තවද ශ්‍රී ලංකා ගුවන් හමුදාපති පාකිස්ථාන ගුවන් හමුදාව අත්පත්කරගෙන ඇති ස්වදේශිය දියුණුව (Advancements in Indigenization) හා මෙම අභ්‍යාසය පුරාවට දක්වන ලද උසස් වෘත්තීය නිපුනතාවය පැසසුමට ලක් කරන ලද අතර දෙරටේ ගුවන් ගුවන් හමුදාවන් අතර මෙහෙයුම් නිපුනතාවයන් සහයෝගයෙන් වර්ධනය කරගැනීමට කැප වන බව අවධාරනය කරන ලදි.
තවද මෙම සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමා පාකිස්ථාන ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් නිරීක්ෂණය කිරීම සදහා පාකිස්ථානු ජාතික අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණික උද්‍යානය, ජාතික බුද්ධි ආවේක්ෂණ, නිරීක්ෂණ ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානය හා පාකිස්ථාන ගුවන් හමුදා සයිබර් (Cyber) ඒකකය නැරඹීම සදහා සහභාගී විය.