ක්‍රීඩා පාර්ශවකරුවන් සඳහා ක්‍රීඩා කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳ සවිස්තරාත්මක දෙදින වැඩමුළුවක්
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ නිළධාරීතුමන්ගේ සම්බන්ධීකරණයෙන් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිය විසින් දෙදින ක්‍රීඩා කළමනාකරණ සහ පරිපාලන වැඩමුළුවක් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා වැඩසටහන්වල උපාය මාර්ගික දිශානතිය ඉහළ නැංවීම සඳහා නිර්මාණය කරන ලද මෙම වැඩමුළුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩා විෂයයන් 39 ක ක්‍රීඩා කළමනාකරුවන්, පුහුණුකරුවන්, ලේකම්වරුන් සහ සහකාර ලේකම්වරුන් සහභාගී වන ලදී.

මෙම වැඩමුළුව 2024 ඔක්තෝම්බර් 22 වන දින ගුවන් හමුදා ක්‍රීඩා කළමනාකරුවන් සහ පුහුණුකරුවන් සඳහා ආරම්භ විය. 2024 ඔක්තෝම්බර් 28 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා විෂයයන් කළමනාකරණය කිරීමේ වගකීම දරන ලේකම්වරුන් සහ සහකාර ලේකම්වරුන් කෙරෙහි අවධානය යොමු කරමින් වැඩසටහනේ දෙවන දිනය සනිටුහන් කරන ලදී. මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාර්ය සාධනය ප්‍රශස්ත කිරීම සහ අභිප්‍රේරණය වැඩි දියුණු කිරීම පිළිබඳ සාකච්ඡා, කණ්ඩායම් ක්‍රියාකාරකම් පිළිබඳ මාතෘකා ඔස්සේ දේශන සඳහා සහභාගිවන්නන් සදහා දැනුම ලබා දීම සිදු කෙරිණි.

දෙදින වැඩමුළුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ අධ්‍යයන වැඩසටහන් අධ්‍යක්ෂ, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ශ්‍රී ලංකාවේ උසස් ක්‍රීඩා කළමනාකරණ පාඨමාලා වැඩසටහන් අධ්‍යක්ෂ සහ ඔලිම්පික් සහයෝගිතා ක්‍රීඩා ජාතික පාඨමාලා අධ්‍යක්ෂ බී.එල්.එච්. පෙරේරා මහතා විසින් මෙහෙයවන ලදී.

First Day

Second Day
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි