ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 09 වැනි කණ්ඩායම මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියා හි පෝෂණ දැනුවත් කිරීමේ උත්සවයක් MINUSCA සත්කාරකත්ව‌යෙන් සිදුවිය.
12:12pm on Saturday 9th November 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 09 වැනි කණ්ඩායම පළාත් පාලන ආයතන සමඟ එක්ව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියා හි 2024 නොවැම්බර් 07 දින එක්සත් ජාතීන්ගේ (ක්වික් ඉම්ෆෙක්ට් ප්‍රොජෙක්ට්) (QIP) සාර්ථකව සංවිධානය කරන ලදී. මන්දපෝෂණය පිළිබඳ දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. මෙම අවස්ථාවෙහිදී පෝෂණ දැනුවත් කිරීමේ පෝස්ටර් තරඟයක් පවත්වන ලද අතර එහිදී ප්‍රදේශයේ පාසල් සිසුන්ට තම පරිසරයෙන් ලැබෙන සම්පත් භාවිතා කරමින් මන්දපෝෂණයට එරෙහිව සටන් කිරීමේ ක්‍රම නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට ආරාධනා කරන ලදී.

අපේ පරිසරය භාවිතා කරමින් මන්දපෝෂණයට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන තේමාව යටතේ පෝෂ්‍යදායී භෝග වගා කිරීම, දේශීය පලතුරු පරිභෝජනය සහ ආහාර කල් තබා ගැනීම වැනි ප්‍රායෝගික පෝෂණ විසඳුම් නිදර්ශනය කරන පෝස්ටර් නිර්මාණය කිරීමට සිසුන් දිරිමත් කරන ලදී. මන්දපෝෂණය කලාපයේ සැලකිය යුතු අභියෝගයක් ලෙස දිගටම පවතින බැවින් මෙම මුලපිරීම ඉතා වැදගත් විය.

මෙම අවස්ථාවට Houte Cotto ප්‍රාන්තයේ ශිෂ්‍ය නායක, නැගෙනහිර ආඥාපති Brig Gen Imtaj Uddin සහ Hute Cotto ප්‍රාන්තයේ පාසල් පරීක්ෂක Fidele BALENDJI මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

පෝස්ටර් ප්‍රදර්ශනය හා ත්‍යාග ප්‍රදානෝත්සවයකින් උත්සවය අවසන් වූ අතර එහිදී හොඳම ජයග්‍රාහකයන් පස්දෙනාට මුදල් ත්‍යාග, සහතික පත්‍ර සහ ත්‍යාග ඇතුළු ත්‍යාග පිරිනැමිණි. සහභාගී වූ ළමුන් 100 දෙනාටම ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ සහභාගීත්වය අගයමින් සහතිකපත් සහ කුඩා ත්‍යාග පිරිනමන ලදී.

මෙම වැඩසටහන සංගීත සංදර්ශන, විද්‍යා වැඩසටහනක් සහ ඔරිගාමි වැඩමුළුවකින් ද සමන්විත විය. මෙම  උත්සවය  අධ්‍යාපනික තත්වය තවදුරටත් වැඩි දියුණු කළේය. මෙම මුලපිරීම මගින් පෝෂණය පිළිබඳ දැනුවත්භාවය සාර්ථකව ඇති කළ අතර මන්දපෝෂණයට එරෙහි සටනේ ප්‍රජා සහභාගීත්වය ශක්තිමත් කරමින් කලාපය තුළ මානුෂීය උත්සාහයන්  සඳහා එක්සත් ජාතීන්ගේ අඛණ්ඩ කැපවීම ශක්තිමත් කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි