කුමාර සංගක්කාර 'හෙලිටුවර්ස්' සේවාව ලබා ගත් මොහොත
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර පසුගිය ජූලි 25 වන දින ගුවන් හමුදා හෙලිටුවර්ස් සේවාව සතු 'ඇන්ටනෝ 32' වර්ගයේ ගුවන් යානයකින් කටුනායක සිට යාපනය දක්වා ගමන් කළේය.

ළමා පිළිකා රෝහලක් තැනීම උදෙසා අරමුදල් රැස්කිරීමේ පාගමනට සහභාගී වීම සඳහා කුමාර සංගක්කාර යාපනයට ගමන් කළේය.

'ළමා කාලයේ මගේ සිහිනය වී තිබුණේ ගුවන් නියමුවෙකු වෙන්නයි. ගුවන් හමුදාවේ ගුවන් සේවා කටයුතු ඉදිරියේදී ජාත්‍යන්තර තත්වයට ගෙන ඒමට හැකියාවක් තිබෙනවා. තවද ගුවන් හමුදාව ක්‍රිකට් ක්‍රිඩාවට විශාල සේවයක් කිරීම ගැන මා සතුටු වෙනවා. මෑතකදී කාන්තා ක්‍රිකට් ක්‍රිඩාව ගුවන් හමුදාව ආරම්භ කිරීම ඉතා යහපත් එකක්' යැයි පිටත්වීමට පෙර ගුවන් හමුදා නිළ වෙබ් අඩවියට අදහස් දැක්වූ කුමාර සංගක්කාර පැවසීය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි