ගුවන් හමුදා පුහුණුකරුවන් සහ සහායක පුහුණුකරුවන් සඳහා ‘පුහුණුකරණයේ විශිෂ්ටත්වය’ වැඩමුළුව
10:37am on Wednesday 27th November 2024
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකකය සමඟ එක්ව පුහුණුකරුවන් සහ සහය පුහුණුකරුවන් සඳහා ‘පුහුණුකරණයේ විශිෂ්ටත්වය’ මැයෙන් එක්දින වැඩමුළුවක් 2024 නොවැම්බර් 18 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ ක්‍රීඩා සහ හමුදා යන දෙඅංශයේම මුහුණ දෙන විවිධ අභියෝගවලට මුහුණ ගැටළු සහ ඵලදායි පුහුණු ක්‍රමවේද පිළිබඳ සහභාගිවන්නන්ගේ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ය.
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ නිළධාරීතුමන් පිළිගැනීමේ දේශනය සහ හැඳින්වීමකින් වැඩමුළුව ආරම්භ කෙරුණු අතර ක්‍රීඩා උපදේශක සහ ව්‍යායාම වෛද්‍ය විශේෂඥ ගෲප් කැප්ටන් (වෛද්‍ය) ෂෙරිකා සමරසිංහ මහත්මිය විසින් වැඩසටහන පිළිබඳ ඉදිරිපත්කරන ලද දළ විශ්ලේෂණය එහි ප්‍රධාන අවධානය යොමු කරන ලදී. වැඩමුළුවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා ක්‍රීඩා පුහුණුව සමඟ හමුදා වගකීම් සමතුලිත කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා, සායනික මනෝවිද්‍යාඥ විංග් කමාන්ඩර් සුසිල් ප්‍රේමරත්න, භෞතික චිකිත්සක, ස්කොඩ්රන් ලීඩර් සී.ඊ.නෙත්තිකුමාර සහ පෝෂණවේදී, ස්කොඩ්රන් ලීඩර් ටී.එස්.එම්.තිලකරත්න විසින් සැසි පවත්වන ලදී.
සහභාගි වූවන්ට සහතිකපත් ප්රදානය කිරීමෙන් පසු වැඩමුළුව අවසානය සනිටුවන් කරන ලද අතර වැඩසටහන සඳහා ඔවුන්ගේ වටිනා දායකත්වය සහ වෘත්තීය සංවර්ධනය සඳහා ඔවුන් දක්වන කැපවීම අගයමින් ඇගයීමේ සංකේත පිරිනමන ලදී.