බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
10:41am on Wednesday 27th November 2024
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ ගරු හනීෆ් යූසුෆ් මහතා 2024 නොවැම්බර් 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය. බස්නාහිර පළාතේ ප්‍රධාන අභියෝගවලට මුහුණ දීම අරමුණු කරගත් සහයෝගීතා මුලපිරීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාර්ශවකරුවන් සමඟ ආණ්ඩුකාරවරයා ප්රමුඛ සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම අවස්තාවට එක්වන ලදී.
ස්වයංක්‍රීය රථවාහන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම, මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) මෙහෙයුම් වැඩිදියුණු කිරීම, ඩෙංගු මර්දන වැඩසටහන් පුනර්ජීවනය කිරීම සහ බස්නාහිර පළාතේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හැකියාවන් ප්‍රයෝජනයට ගැනීම යන ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී ප්‍රදාන අවධානය යොමු විය.
මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමනාකරණ දෙපාර්තමේන්තුව මඟින් බස්නාහිර පළාත සඳහා පුළුල් රථවාහන කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීමේ වැදගත්කම ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය. විශේෂයෙන්ම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩ්‍රෝන් තාක්ෂණය ඒකාබද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්බන්ධ කර ගැනීම මගින් යෝජිත මංතීරු පද්ධතිය කළමනාකරණය, අනතුරු නිරීක්ෂණය සහ මාර්ග තදබදය පිළිබඳ කල් ඇතිව ජනතාව දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමුවනු ඇති බව එහිදී අවධාරනය කලේය.
මීට අමතරව, බස්නාහිර පළාත තුළ HADR සූදානම ශක්තිමත් කිරීමේ වැදගත්කම ආණ්ඩුකාරවරයා විසින් අවධාරණය කරන ලද අතර හදිසි අවස්ථා වලදී සහය ලබා දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇති හැකියාව මෙන්ම ඒ හා සමානව, පළාතේ දැනට ක්‍රියාත්මක මහජන සෞඛ්‍ය වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය සහ ගුවන් හමුදාවේ විශේෂඥ දැනුම උපයෝගී කර ගනිමින් ඩෙංගු මර්දන ප්රයත්නයන් නැවත ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුකාරවරයා යෝජනා කළේය.
ආණ්ඩුකාරවරයාගේ දූත පිරිසට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජයසිංහ මහත්මිය, ආණ්ඩුකාරවරයාගේ ලේකම් සෝමසිරි පල්ලතරගේ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් (බස්නාහිර පළාත), නාගරික නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්) එල්ඒ කළු කපුආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගුවන් හමුදාව නියෝජනය කරමින් අධ්යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම්, එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, අධ්යක්ෂ පිරිස් හා සැලසුම්, එයාර් වයිස් මාර්ෂල් ෂෙහාන් විජේනායක, තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ එයාර් කොමදෝරු අසිත හෙට්ටිආරච්චි ඇතුළු ප්‍රධාන නිලධාරීන් මෙම සාකච්ඡා සඳහා සක්‍රීයව සහභාගී වූහ.