2024 වර්ෂය සඳහා අධිකාරි නොලත් නිලධාරින් (NCOs) සඳහා වන දෙවන ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව
2024 වර්ෂය සදහා 2වන කණ්ඩායමට අයත් අධිකාරි නොලත් නිලධාරින් (NCOs) සඳහා අඛණ්ඩව 19 වැනි වරටත් පවත්වනු ලැබූ ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව ගුවන් හමුදා රත්මලාන කඳවුරු ගුවන් හමුදා කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී සාර්ථකව නිමාවට පත් විය. මෙම වැඩමුළුව 2024 නොවැම්බර් 18 සිට 22 දක්වා පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා සියලුම අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනය කරමින් අධිකාරි නොලත් නිලධාරින් 34ක් සහභාගී විය. මෙම දින 5 ක වැඩමුළුව මගින් ආරක්‍ෂිත කළමනාකරණ පද්ධති, ගුවන් සේවා කායික විද්‍යාව සහ මනෝවිද්‍යාව, කුරුළු ගුවන් යානා වර්ජන උපද්‍රව, ගුවන් යානා අනතුරු විමර්ශනය, ද්‍රව්‍යමය සාධකය, මානව සාධක, ගුවන් යානා ගිනි නිවීම සහ ගුවන් ගමනාගමන සේවා අංශයන් වැනි ප්‍රධාන ගුවන් ආරක්ෂණ ක්ෂේත්‍ර ආවරණය කරන ලදී. සියලුම දේශන පවත්වනු ලැබුවේ සුදුසුකම් ලත් පළපුරුදු නිලධාරි මණ්ඩලයක් විසිනි.

ආරම්භක දේශනය අධ්‍යක්ෂ ගුවන් ආරක්‍ෂක වෙනුවෙන් විංග් කමාන්ඩර් එම්බීජීටී ඩයස් නිලධාරිතුමන් විසින් පවත්වන ලදී. සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2024 නොවැම්බර් 22 දින ගුවන් ආරක්ෂක පරීක්ෂක (ස්ථාවර පක්ෂාංග) විංග් කමාන්ඩර් එම්බීජීටී ඩයස් නිලධාරිතුමන් සහ ගුවන් ගමන් ආරක්ෂක පරීක්ෂක (ගුවන් ගමනාගමන පාලන) බලඝන නායක ඩබ්ලිව්ඩීඑල්පීඒ සිල්වා යන  නිලධාරිවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි