13 වැනි ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාව
2024/2025 13 වන ආරක්ෂක සේවා මල්ලවපොර ශූරතාවලිය  2024 නොවැම්බර් 20 වන දින සිට 22 වන දින දක්වා වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා ශරීර සුවතා අංගනෙය්දී පැවැත්විණි. 2024 වසරේ පැවති තරඟාවලිය හැරුණු විට ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම රන් පදක්කම් හතක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනාගනිමින්  ආරක්ෂක සේවා මල්ලවපොර ශූරියන් ලෙස සම්මානයට පාත්‍ර විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි මල්ලවපොර කණ්ඩායම ද විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරමින් රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගනිමින් අනුශූරතාව හිමිකර ගැනීමට සමත් විය. ආරක්ෂක සේවා ක්‍රීඩා ඉතිහාසයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම වාර්තාවක් තබා ගැනීම මෙම
තරඟාවලියේ විශේෂත්වයකි.

ප්‍රථිපල සාරාංශය

පිරිමි
රන් පදක්කම්ලාභීන්
නායක ගුවන් භට කල්‍යාණ -කි.ග්‍රෑම් 125
නායක ගුවන් වල්පිට -කි.ග්‍රෑම් 92
කෝප්‍රල් මධුරංග -කි.ග්‍රෑම් 79

රිදී පදක්කම්ලාභීන්
නායක ගුවන් භට විජේසූරිය ඩබ්ලිව්.එම්.එම්.එල්.-කි.ග්‍රෑම් 74
ගුවන් භට සමරක්කොඩි -කි.ග්‍රෑම් 65
නායක ගුවන් භට තිලිපන් -කි.ග්‍රෑම් 86

ලෝකඩ පදක්කම්ලාභීන්

නායක ගුවන් භට පෙරේරා -කි.ග්‍රෑම් 57
නායක ගුවන් භට අබේසේකර -කි.ග්‍රෑම් 61
නායක ගුවන් භට මධුහර්ෂ -කි.ග්‍රෑම් 70
නායක ගුවන් භට සම්පත් ඩබ්ලිව් -කි.ග්‍රෑම් 79
නායක ගුවන් භට සිල්වා -කි.ග්‍රෑම් 86

කාන්තා
 රන් පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා කරුණාසේන -කි.ග්‍රෑම් 50
නායක ගුවන් කාන්තා රත්නායක -කි.ග්‍රෑම් 53
නායක ගුවන් කාන්තා කුමාරි -කි.ග්‍රෑම් 57
කෝප්‍රල් ප්‍රියංග -කි.ග්‍රෑම් 59
නායක ගුවන් කාන්තා පෙරේරා- කි.ග්‍රෑම් 65
නායක ගුවන් කාන්තා වීරසිංහ -කි.ග්‍රෑම් 76
කෝප්‍රල් ලක්මාලි -කි.ග්‍රෑම් 72

රිදී පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා සෙනවිරත්න-කි.ග්‍රෑම් 73
නායක ගුවන් කාන්තා හපුතන්රි-කි.ග්‍රෑම් 62
නායක ගුවන් කාන්තා නවෝදා එන්එල්එල්-කි.ග්‍රෑම් 76

ලෝකඩ පදක්කම්ලාභීන්
ගුවන් කාන්තා ඔෂානි -කි.ග්‍රෑම් 55
ගුවන් කාන්තා චමෝදය-කි.ග්‍රෑම් 57
නායක ගුවන් කාන්තා රූපසිංහ -කි.ග්‍රෑම් 68
නායක ගුවන් කාන්තා චේතනා ආර්එම්එස් -කි.ග්‍රෑම් 72

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි