කණිෂ්ඨ ශිෂ්‍ය නායක පදවි පැවරීමේ උත්සවය - රාජකීය විද්‍යාලය
රාජකීය විද්‍යාලයේ කණිෂ්ඨ ශිෂ්‍ය නායක පදවි පැවරීමේ උත්සවය අද (ජූලි 25) උදෑසන 8.30ට රාජකීය විද්‍යාල 'නවරඟහල' ශාලාවේදී පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගී විය.

මෙහිදි රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව ගුවන් හමුදාපතිතුමා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙහිදි විද්‍යාලිය කණිෂ්ඨ බටහිර තූර්ය වාදක කණ්ඩායම පෙරටු කොටගෙන රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව ගුවන් හමුදාපතිතුමා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ගුවන් හමුදාපතිතුමා මෙහිදි විශේෂ දේශනයක්ද පැවැත්විය. මෙම අවස්ථාවට 1500කට අධික ප්‍රමාණයක් එනම් ශිෂ්‍යයින්, කාර්ය මණ්ඩලය හා දෙමවුපියන් සහභාගී වූහ.   




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි