හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර 46 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර සිය 46 වන සංවත්සරය 2024 නොවැම්බර් 23 දින සමරනු ලැබීය. ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු දිනේෂ් ජයවීර නිලධාරිතුමන්ගේ මගපෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව ප්‍රජා සේවා ව්‍යාපෘති සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළු වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.

චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් අනතුරුව සර්ව ආගමික වතාවත් සහ ක්‍රිකට් තරඟාවලියද මූලික ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.නිලධාරින් ඇතුළුව කඳවුරේ සේවා සහ සිවිල් පුද්ගලයින් යන දෙඅංශයෙන්ම සහභාගී වූ දිවා භෝජන සංග්‍රහයකින් සැමරුම අවසන් විය.

සංවත්සරයට සමගාමීව පොළොන්නරුව ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව ලේ දන්දීමේ ව්‍යාපාරයක්, හිඟුරක්ගොඩ තරුණ සම්පත කමිටුව වෙනුවෙන් ගිනි නිවීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක්, හිඟුරක්ගොඩ ධර්මපාල බෝසත් බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ  ශ්‍රමදාන ව්‍යාපාරයක් වැනි ප්‍රජා සත්කාරක ව්‍යාපෘති කිහිපයක් සිදු කරන ලදී.‍ පරිසර සංරක්ෂණය සඳහා රුක් රෝපණ වැඩසටහනක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි