කටුනායක ගුවන් හමුදා කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගයේ නව අණදෙන නිලධාරිවරෙයක් පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගයේ (GEW)නව අණදෙන නිලධාරිවරෙයක් පත් කිරීම 2024 දෙසැම්බර් 02 දින සිදු කරන ලදී. සම්ප්‍රදායික භාරදීම / පවරා ගැනීමේ පෙළපාළිය පක්‍ෂාංග පරිශ්‍රයේදී පවත්වන ලදී. අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එම්එස් කුමාරගේ නිලධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් ඩීජීටීඑස් එදිරිසිංහ නිලධාරිතුමන් වෙත රාජකාරිය භාර දෙන ලදී.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීජීටීඑස් එදිරිසිංහ නිලධාරිතුමන් විසින් සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂයේ (GEW) අණදෙන නිළධාරියා ලෙස පත්වීමට පෙර කටුනායක ගුවන් හමුදා කටුනායක යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි