ගුවන් හමුදාධිපතිතුමන් විසින් ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 18 පාඨමාලාවෙ ශිෂ්‍ය නිලධාරීන් හට දේශනයක් පවත්වන ලදී.
ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) ආඥාපති මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ ඩොලගේ නිලධාරිතුමන්ගෙ ආරාධනයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 දෙසැම්බර් 03 දින සපුගස්කන්ද DSC හි පාඨමාලා අංක 18 හි ශිෂ්‍ය නිලධාරීන් අමතන ලදී.
DSCSC හි පාඨමාලා අංක 18 සදහා යුද හමුදාවෙන් 81 ක්, නාවික හමුදාවෙන් 22 ක් සහ ගුවන් හමුදාවෙන් 26 ක් ඇතුළුව ශිෂ්‍ය නිලධාරීන් 154 කින් සමන්විත වේ. මීට අමතරව රටවල් 12 ක විදේශ නිලධාරීන් 26 ක්ද සහභාගි විය.
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයට පැමිණී පසු DSCSC හි සේනාවිධායක මේජර් ජෙනරාල් ඩොලගේ විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ගුවන් හමුදාපතිවරයාගේ දේශනයෙහි තේමාව වූයේ ‘සමකාලීන ගෝලීය ආරක්ෂක භූ දර්ශනය, නිරන්තරයෙන් වෙනස් වන සංකීර්ණතා සහිත ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රතිසංස්කරණ’ යන මාතෘකාව කේන්ද්‍ර කර ගනිමින්.
හමුදා නවීකරණය, ජාතික ආරක්ෂාව සහ එහි මුහුණුවර, ත්‍රස්තවාදය සහ අන්තවාදය, සංවිධානාත්මක අපරාධ, ආර්ථික ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ සමකාලීන අදාළත්වයේ තවත් ප්‍රධාන විෂයයන් කිහිපයක් පිළිබඳව තීරනාත්මක මාතෘකා ඔස්සේ ගුවන් හමුදාධිපතිතුමන් දේශනය පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශකවරුන්, අධ්‍යයන හා අධ්‍යක්ෂ කාර්ය මණ්ඩලය සහ පාඨමාලා අංක 18 හි ශිෂ්‍ය නිලධාරීන් සහභාගි වූහ.
මෙම අවස්ථාවෙහි වැදගත්කම අවධාරණය කරමින් ගුවන් හමුදාපතිවරයා සහ ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක විසින් සමරු තිළිණ හුවමාරු කර ගන්නා ලදී. ගුවන් හමුදාධිපතිතුමන් පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර අමුත්තන්ගේ පොතෙහි සිය අදහස් බෙදාහදා ගන්නා ලදී.