2024/2025 ආරක්ෂක සේවා පාපැදි ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පාපැදි ශූරියන් විශිෂ්ට දස්කම් දක්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පාපැදි කණ්ඩායම 2024 දෙසැම්බර් 07 වන දින කටුනායකදී පවත්වන ලද 2024/2025 ආරක්ෂක සේවා පාපැදි ශූරතාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්වන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි ශූරී කෝප්‍රල් දිනේෂා දිල්රුක්ෂි කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර නායක ගුවන් කාන්තා සුදාරිකා ප්‍රියදර්ශනී සහ පංචාලි සුලෝචනා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා ශූරතාවලියේ දෙවන සහ පස්වන ස්ථාන දිනා ගත්හ. ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පාපැදි කණ්ඩායම කාන්තා කාණ්ඩයේ අනුශූරතාවය දිනා ගැනීමට සමත්විය.

ශූරතාවවලිය පිරිමි සහ කාන්තා කාණ්ඩ දෙකක් යටතේ පවත්වන ලද අතර පිරිමි තරගය කිලෝමීටර් 145ක දුරකින් සමන්විත වූ අතර කාන්තා තරගය කිලෝමීටර් 90ක මාර්ගයකින් සමන්විත විය. පිරිමි තරගය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පාපැදිකරුවන් 36 දෙනෙකු තරඟ වැදුණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පී.පී.එම්.ජී. සිල්වා පිරිමි තරගය ජයගත් අතර ශ්‍රී ලංකා යුද හමුදා පාපැදි ක්‍රීඩක ඒ.ඩී.එස් පෙරේරා සහ ඩබ්ලිව්.ඒ.රුක්මාල් ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් පිරිමි තරග ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගත්හ.

ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් වී.බී එදිරිසිංහ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ගුවන් හමුදා පාපැදි සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එල්.එච්.සුමනවීර, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් එන්.එච්.ඩී.එන් ඩයස්, ශ්‍රී ලංකා යුද හමුදා පාපැදි සම්මෙලනයේ සභාපති බ්‍රිගේඩියර් සී කළුතරආරච්චි, ශ්‍රී ලංකා නාවික හමුදා පාපැදි සම්මේලනයේ සභාපති, කොමදෝරු ඒ කරුණාතිලක, ශ්‍රී ලංකා ක්‍රීඩා අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් එස්.පී.ජයසිංහ යන නිළධාරීවරුන්ද උත්සවයට පැමිණ සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි