ශ්‍රී ලංකා ගුවන් හමුදාව සාමාජිකයින්ගේ ආකල්ප, මූල්‍ය කළමනාකරණය සහ සුභසාධනය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන
4:11pm on Thursday 9th January 2025
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සේවා පුද්ගලයින්ගේ වෘත්තීය සහ පුද්ගල සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් අධ්‍යාපනික දේශන මාලාවක් ආරම්භ කර ඇත. ධනාත්මක ආකල්ප පිටුපස ඇති සාර්ථකත්වය, පුද්ගලික මූල්‍ය කළමනාකරණය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ සහ සුබසාධන යෝජනා ක්‍රම ඇතුළත් ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් පිළිබඳව මෙම වැඩසටහන අවධානය යොමු කරන ලදී.

2‍024 දෙසැම්බර් 02 සහ 2024 දෙසැම්බර් 06 යන දිනයන්හිදී පිළිවෙලින් ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී මෙම දේශන පවත්වන ලද අතර මෙම වැඩසටහන බළලත් නිලධාරිවරයකු සහ පළපුරුදු ගිණුම් උපදේශකයෙකු විසින් මෙහෙයවන ලදී.

SLAF Trade Training School Ekala

SLAF Base Katunayake
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි