කලාපුරය පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීමට සිරිය ගුවන් හමුදා කඳවුරේ සහාය
ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කදවුර සහ ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ සහයෝගීතාවයෙන්  ආරම්භ කරන ලද සීගිරිය කලාපුර පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී කාර්යාලය ප්‍රතිසංස්කරණ කටයුතු 2024 ඔක්තෝම්බර් 14 වන දින ආරම්භ කර 2024 දෙසැම්බර් 10 වන දින අවසන් කර භාර දෙන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් විරංග ප්‍රේමවර්ධන, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, විශේෂඥ වෛද්‍ය කුසල් රණතුංග, දඹුල්ල සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය දයන්ත වීරසේකර ඇතුළු ප්‍රධාන නිලධාරීන් රැසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි