ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ නව අණදෙන නිලධාරියකු පත් කෙරේ.
ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරියා පත් කිරීම 2024 දෙසැම්බර් 19 දින කදවුරු පරිශ්‍රයේදී සිදු කරන ලදී. කදවුරු පෙළපාළි භූමියේදී භාරදීමේ / භාර ගැනීමේ පෙළපාළිය පවත්වන ලදී. එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.ජී.පී.එල්. ජයතිලක නිලධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් ඩීඑස්එස් සෙනෙවිරත්න නිලධාරිතුමන් වෙත අණදෙන නිලධාරි ධූරය භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.ජී.පී.එල්. ජයතිලක නිලධාරිතුමන් දිගන ගුවන් හමුදා ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගනු ඇත. නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑස්එස් සෙනෙවිරත්න නිලධාරිතුමන් මීට පෙර බත්තරමුල්ල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි තනතුර දැරූ අතර, පසුව ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි