අංක- 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගයේ නව අණදෙන නිලධාරියකු පත් කෙරේ.
11:06pm on Friday 24th January 2025
අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය
අංශයේ (අංක 49 CBRNE) නව අණදෙන නිලධාරියා පත් කිරීම 2024 දෙසැම්බර් 19 දින
සිදු විය. සම්ප්‍රදායික භාරදීමේ / භාර ගැනීමේ පෙළපාළිය ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. නික්ම යන අණදෙන නිලධාරි ගෲප් කපිතාන් එන්පී පෙරේරා නිලධාරිතුමන් විසින් වින්ග් කමාන්ඩර් ඒඩීආර් වික්‍රමරත්න නිලධාරිතුමන්වෙත අණදෙන නිලධාරී ධූරය භාර දෙන ලදී.
නික්ම යන ගෲප් කපිතාන් එන්පී පෙරේරා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරනු ඇත.
නව අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් ඒඩීආර් වික්‍රමරත්න නිලධාරිතුමන් මීට පෙර අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය (CBRNE)පක්ෂාංගයේ හි අණදෙන නිලධාරියා ලෙස පත් කිරීමට පෙර මත්තල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි තනතුර දැරීය.