13 වන ආරක්ෂක සේවා ටයිකොන්ඩෝ ශූරතාවලියේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම විශිෂ්ට දක්ෂතා දක්වයි.
11:08pm on Friday 24th January 2025
2024/2025 13 වන ආරක්ෂක සේවා ටයිකොන්ඩෝ ශූරතාවලිය 2024 දෙසැම්බර් 17 සිට 20 දක්වා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගෘහස්ත ක්‍රීඩා ශාලාවේදී සාර්ථකව අවසන් විය. ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න නිලධාරිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ටයිකොන්ඩෝ කණ්ඩායම කාන්තා ශූරියන් ලෙස විශිෂ්ට දක්ෂතා දැක්වූ අතර රන් පදක්කම් පහක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් නවයක් ලබා ගන්නා ලදී. ගුවන් හමුදා පිරිමි ටයිකොන්ඩෝ කණ්ඩායම රන් පදක්කම් හතරක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් අනුශූරතාවය ලබා ගන්නා ලදී.ගුවන් භට ප්‍රභාෂ්වර ඩී.පී.ජී.ඒ.එම් ඔහුගේ සුවිශේෂී දක්ෂතා පිළිගැනීමට ලක් වූ අතර තරඟාවලියේ 'හොඳම ක්‍රීඩකයා' යන ගෞරවනීය නාමය පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා ටයිකොන්ඩෝ සභාපති එයාර් වයිස් මාර්ෂල් තුෂාර සිරිමාන්න, කටුනායක ගුවන් හමුදා කඳවුරේ නියෝජ්‍ය අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අෂාඩ් ලියනාරච්චි, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් ටයිකොන්ඩෝ නිලධාරීන් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි