බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරියකු පත් කෙරේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරියකු 2024 දෙසැම්බර් 23 දින පත් විය. සම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාලිය කදවුරු පෙළපාළි භූමියේදී සිදු විය. එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජීඑස්එන් ප්‍රියදර්ශන නිලධාරිතුමන් විසින් ගෲප් කපිතාන් එන්පී පෙරේරා නිලධාරිතුමන් වෙත අණදෙන නිලධාරී ධූරය භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජීඑස්එන් ප්‍රියදර්ශන නිලධාරිතුමන් පාලවි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ධූරයේ රාජකාරි භාර ගනු ඇත. නව අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එන්පී පෙරේරා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ධූරයට පත්වීමට පෙර රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගයේ අණදෙන නිලධාරී ධූරය හෙබවීය.