ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ හිඟුරක්ගොඩ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝවේහි නව අණදෙන නිලධාරීවරයකු පත් කෙරේ.
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝවේ (S&MD) නව අණදෙන නිලධාරීවරයකු 2024 දෙසැම්බර් 27 පත්කරන ලදී. සාම්ප්‍රදායික භාරදීමේ පෙළපාලිය ඩිපෝ පෙළපාළි භූමියේදී පවත්වන ලදී. එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එම්එම්ඒ මෙන්ඩිස් නිලධාරිතුමන් විසින් ගෲප් කපිතාන් එන්එම්පීඑන් නවරත්න නිලධාරිතුමන් වෙත අණදෙන නිලධාරී ධූරය භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී කටුනායක ගුවන් හමුදා කඳවුරේ උපකරණ සැපයීමේ සහ ගිණුම්කරණ ඒකකයේ අණදෙන නිලධාරී ධූරය භාර ගැනීමට නියමිතය. නව අණදෙන නිලධාරී මීට පෙර සැපයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී සැපයුම් පිරිස් සහ සැලසුම් III තනතුර දැරීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි